ගුවන් යානයක් ගුවනේදී ගිනි ගනී video

සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක අද (27) අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන් ගතවී පැය දෙකහමාරකට පසු එන්ජිමේ ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බවට අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කිරීම හේතුවෙන් යළි ගොඩබස්සවා ඇති බවයි.

මෙම යානය සිංගප්පූරුවේ සිට ඉතාලියේ මිලානෝ නුවර දක්වා ගමන් කිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් යානය ගොඩබස්සවා ස්වල්ප වේලාවකට පසු යානය තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේදී මගීන් 222 ක් සහ කාර්ය මණ්ඩලය 19 ක් සිට ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.