එංගලන්තයට විශිෂ්ඨ ජයක් Video

englandතරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම තෝරා ගත්තේය.

ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක් කරමින් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට පිට දඟ පන්දු යවන සුරාජ් රන්දීව් කණ්ඩායමට කැඳවා තිබුණි.

ආරම්භක පිතිකරු යුගලය තරගය ආරම්භයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළද පසුගිය තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජය මාවත ඇහුරූ ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට කඩුලු රකින ජොස් බට්ලර්ගේ අතට උඩපන්දුවක් ලබාදෙමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 කට දැවී ගිය අතර පන්දු 21 කට මුහුණදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත්විය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුවෙන් ලකුණු 254ක් ලබා ගත්තේය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ජේසන් රෝයි (නොදැවී 112) සහ ඇලෙක්ස් හේල්ස් (නොදැවී 133) ආරම්භක පිතිකරු යුගලය, ශ්‍රී ලංකාවට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක් අත්කර දීමට ඊයේ (24 වැනිදා) සමත් විය. ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 34.1 කදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකිරීමට සමත් වූහ.

කිසිවකු නොදැවී ඉලක්කයක් හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත පිල සමත් වූ අතර මින් පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව නවසීලන්තය පිල විසින් මෙම වාර්තාවට හිමිකම් කීය.

එංගලන්තය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ලබාගත් වැඩිම ලකුණු සම්බන්ධතාව වාර්තා කිරීමටද ජේසන් රෝයි සහ ඇලෙක්ස් හේල්ස් අද සමත් වූහ.

සීකුගේ ප්‍රසන්න යැවූ 29 වන ඕවරයේදී ලකුණු 27 ක් (1, 4, 4, 6, 6, 6) උදුරා ගැනීමට ඇලෙක්ස් හේල්ස් සහ ජේසන් රෝයි සමත්වූ අතර එම ඕවරයේදීම තුන්වන එක්දින ශතකය පන්දු 91 කදී වාර්තා කළ ඇලෙක්ස් හේල්ස්ගේ ඉනිම හතරේ පහර නවයකින් සහ හයේ පහර තුනකින් අලංකාර විය. අර්ධ ශතකය පන්දු 55 කදී වාර්තා කිරීමට ඔහු සමත් විය.