මෛත්‍රිගේ FB පිටුවේ Likes අඩු වෙලා

ජනාධිපති මෛත්‍රිපාල මහතාගේ නිල Facebook පිටුවේ ලයික්ස් ගණන එක්ලක්ෂ තිස් හතරදහස් පන්සියයකින් (134,500) පමණ අඩු වී තිබේ.

පසුගිය සෙනසුරාදා (18) ජනාධිපතිවරයාගේ නිල Facebook පිටුවේ ලයික්ස් ගණන 1,000,000 ඉක්මවූ අතර ඒ පිළිබඳව විවිධ පුවත් වෙබ් අඩවි ද වාර්තා කර තිබුණි.

නමුත් එම පිටුවේ තිබූ ලයික්ස් 134,500ක් පමණ අහිමිවීමෙන් පසු මෙම ලිපිය ලියන මොහොතවන විට ඇත්තේ ලයික්ස් 865,480ක් පමණි.

කෙටිම කලකින් ලයික්ස් 1,000,000 ඉක්මවූ පළමු ශ්‍රී ලාංකීය දේශපාලනඥයා ලෙස පසුගිය සෙනසුරාදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ Facebook පිටුව වාර්තාගත වුණු අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද ලයික්ස් 1,000,000 ඉක්මවූ Facebook පිටුවකට හිමිකම් කියන්නෙකි.

නමුත් රාජපක්ෂ මහතාගේ පිටුවෙහි ලයික්ස් ගණන 1,000,000 වන්නට වසර 09කටත් වැඩි කාලයක් ගත වී තිබේ.

සිරිසේන මහතාගේ පිටුව 2014 වසරේ ඇරඹූ එකකි.

කෙසේ වෙතත් මේ මොහොතේ දී ඔවුන් දෙදෙනාගේ Facebook පිටු අතරින් ඉදිරියෙන් සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පිටුවවන අතර එහි ලයික්ස් සංඛ්‍යාව 1,002,500 ඉක්මවයි.

එම ප්‍රමාණය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිටුවට වඩා එක්ලක්ෂ තිස් හත්දහසක (137,000) පමණ වැඩි ලයික්ස් ප්‍රමාණයකි.
ජනාධිපතිවරයාගේ Facebook පිටුව පසුගිය සෙනසුරාදා දිස්වූ අයුරු පහතින් > > >