යතුරු පැදියක දරුවකු ගැටෙයි CCTV

Kinniya accident
කින්නියා ප්‍රදේශයේදී මහා මාර්ගයකින් එක් වරම පාර මාරු වීමට යන කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන CCTV පද්ධතියක සටහන් වී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා කින්නියා මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

යතුරු පැදිකරු සහ ඔහුගේ යතුරුපැදිය කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කින්නියා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

එම වීඩියෝව පහතින් බලන්න.