නඩුවෙන් මම ගොඩ

duminda'මගේ නඩුව අහන ට්‍රයල් ඇට් බාර් එකේ ප්‍රසිඩන්ට්ව මම මගේ යාළුවෙක් හරහා බැලන්ස් කරගත්තා. ඒකනිසා භාරත ලක්ෂ්මන්ගෙ මර්ඩර් කේස් එකෙන් මට ගොඩයන්න පුලුවන්' යනුවෙන් කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහුට සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පසුගියදා පැවති සාදයක් අතරතුරදී පවසා තිබේ.

දුමින්ද සිල්වා මෙසේ සඳහන් කොට ඇත්තේ භාරත ලක්ෂ්මන් මිනී මැරුම් නඩුවේ රජ තුන්කට්ටුවේ (Trial-At-Bar) සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පිළිබඳවය.

නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම ලැබූදා සිට නොකිළිටි, චෝදනා රහිත ඉතිහාසයක් ඇති ශිරාන් ගුණරත්න මහතාට අපහාස වන ආකාරයට දුමින්ද සිල්වා මෙසේ ඔහුගේ නම ඈඳාගැනීම සුළුකොට නොතැකිය යුතු බව කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයෙකු පවසා ඇත.