ගෙදරින් කෑම ගේන්නේ ඇයි?

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා ඇත්තේ ඔහු 23 වසරක් පුරා උම්මලකඩවත් ආහාරයට නොගන්නා නිසා සහ ගැස්ට‍්‍රයිටිස් රෝගය ඇති නිස බව ඔහු මාධ්‍ය ලේකම්වරයා පවසයි.

ඒ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේයි.

ගම්මන්පිලට ගෙදරින් කෑම ගේන්නේ ඇයි?

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට සිර ගෙදර කෑම එපා වී ගෙදරින් කෑම ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා ඇති බවට සමහර මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් එය පදනම් විරහිත ප්‍රවෘත්තියකි.

ගම්මන්පිල මන්ත්‍රිතුමා වසර 23ක් පුරා මස් සහ මාළු මෙන්ම උම්බලකඩ පවා ආහාරයට නොගන්නා අයෙකි. එමෙන්ම ගැස්ට්‍රයීටීස් (අමිල පිත්ත) රෝගයෙන් පෙලෙන බැවින් මිරිස් අධික ලෙස යෙදු ආහාර ගැනීමට ද නොහැක. ඔහු නිවෙසින් ආහාර ගෙන්වා ගැනීමට තීරණය කලේ ඉහත හේතු දෙක මත මිස සිර ගෙදර කෑම එපා වීමෙන් නොවේ.

මෙයට දේශප්‍රේමිත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය

අරවින්ද අතුකෝරල
මාධ්‍ය සම්බන්ධීකාරක