Loading...

පාඨලි සැකකරුවෙක් කරන්න සාක්ෂි නෑ

තරුණයෙකුට බරපතල තුවා සිදුකරමින් පසුගිය පෙබරවාරි මස 28දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පවතින නඩුවේ සැකකරුවෙකු ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නම් කිරීමට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29දා) ප්‍රකාශයට පත්කළ නියෝගය මගින් පෙන්වා දුන්නේය.

පාඨලී චම්පික අමාත්‍යවරයා එම නඩුවේ සැකකරුවෙකු කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ණුවන් ගුණවර්ධන මහතා පසුගිය නඩුදිනයේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම බව පෙන්වා දුන්නේය.

නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන බවත්, එමෙන්ම නීතිය ක්‍රියාත්මක වන ආකාරය විනිවිද භාවයකින් යුතුව සිදුවිය යුතු බවත් එහිදී පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා තමා අධිකරණයේ කටයුතු කරනුයේ ඉදිරිපත් වන සාක්ෂි හා හෙළිදරව් වන කරුණු අනුව මිස අදාළ පුද්ගලයන් සලකා බැලීමෙන් නොවන බවද පෙන්වා දුන්නේය.

එදින අනතුර සිදුවූ අමාත්‍යවරයාගේ නිල රථය පැදවූ නිල රථයට එරෙහිව ඊළග නඩු දිනයේදී චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව වැලිකඩ පොලීසිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ අනුව ලබන අගෝස්තු 10 දා නඩුව නැවත කැඳවීමට තීරණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකාර රියදුරට එරෙහිව එදින චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසට පොලීසියට නියෝග කළේය.

Related Posts Plugin for WordPress, Blogger...