විජිතමුණිටත් විරෝධය

ඇමති විජිත් විජේමුණි සොයිසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් රිදී මාලියද්දේ පැවති හමුවකදී උණුසුම් තත්වයක් ඇති විය.

හමුව පැවතුනේ මොරාන ජල ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වන ජනතාවට වන්දි ගෙවීමේදී ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් ලබා දිම සඳහායි.

තමනට ප‍්‍රමාණවත් වන්දියක් හිමි නොවන බව පැවසූ ජනතාව කියා සිටියේ තමන් සිය දිවා නසා ගන්නා බවයි. තවත් පිරිස් කියා සිටියේ මරා දැමුවද තම ඉඩම් හැර නොවන බවයි.