ෆොන්සේකා එජාපයට

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක, ආමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළැඹෙන 30 දා එක්සත්ජ ජතාකි පක්ෂයේ සාමාජිකත්වයට ලබා ගැනීමට සූදානම් වෙනවා.

ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එජාප සිරිකොත මූලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය එදිනට පිරිනමනු ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනපතිවරණයේදී පෙදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ සරත් ෆොන්සේකා මහතා පසුගිය මහ මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තනිවම තරග කළා.

කෙසේ වෙතත් පක්ෂයේ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක් හිමිකර ගැනීමට නොහැකි වුණා.