රන්ජන්ගේ රඟපෑම අගමැති නවත්වයි

ranjanමාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය ආසන්නයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිනමා පටයක වෙඩි තැබීමේ දර්ශනයකට අදාළව පුහුණුවීම් වල නිරත වෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් නැගීය.

මෙයට පිළිතුරු දුන් අගමැතිවරයා සඳහන් කළේ තමා අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට කතා කළ බවත් එම පුහුණුවීම නැවත්වීමට උපදෙස් දුන් බවත් සඳහන් කළේය.

උදයශාන්ත මන්ත්‍රීවරයා පැවැසුවේ මන්ත්‍රී නිවාස සංකිර්ණයේ ළමුන්ද  සිටින හෙයින් මෙවැනි දර්ශන දුටු විට ඔවුන් බියට පත්වෙන බවයි.