හමුදා ආරක්‍ෂාව ඉවත් කරන්න එපා

gota
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ මරණීය තර්ජන අදටත් විවිධාකාරයෙන් සිය ජීවිතයට බලපා ඇති නිසා තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්‍ෂාව ඉවත් නොකරන ලෙසට තමා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී පැවැසීය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යම් මෙහෙවරක්‌ කළ තමාගේ ආරක්‍ෂාවට යොදවා සිටින හමුදා ආරක්‍ෂාව ඉවත් කර පොලිසිය යොදවන බවට ලද තොරතුරු අනුව තමා එම ඉල්ලීම කළ බවද එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේවනතෙක්‌ම තමාට හමුදා ආරක්‍ෂාව ලබාදී ඇතැයිද එහිදී සිහිපත් කළේය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයකු ලෙසින් කටයුතු කිරීමට නිසි ආරාධනාවක්‌ ලැබී තිබේ දැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා 'නැහැ තවම නෑ. ඒක කවුරුහරි කරපු ප්‍රකාශයක්‌ විතරයි. මම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මිසක්‌ දේශපාලනඥයකු නොවේ' යෑයි ද පැවැසීය.