සේවා දිගුවක් එපා

තමන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් සේවා දිගුවක් බලාපොරොත්තු නොවන බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මූල්‍ය මණ්ඩලය වෙත දැනුම්දී තිබේ.

මහබැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා ගැන මේවන විට කෝප් කමිටුව හමුවේ විමර්ශනයක් සිදුවෙයි.

මහබැංකු අධිපතිවරයාගේ සේවා කාලය මේ මස 30 වැනිදායින් අවසන්වීමට නියමිතය.

බැඳුම්කර අලෙවියේදී ඔහු සිය බෑණාගේ සමාගමකට රහස්‍ය තොරතුරු ලබාදෙමින් මහබැංකුවට කෝටි ගණනක් අහිමි කළ බවට චෝදනා නඟා තිබේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ද ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරමින් චෝදනා එල්ල වී ඇති මහබැංකු අධිපතිවරයාට තවදුරටත් එම තනතුර දැරීමට ඉඩනොදිය යුතු බව කියමින් මෑතක සිට විරෝධතා ආරම්භ කරන ලදී.

මෙම වාතාවරණය යටතේ තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන අවසන් වනතුරු සේවා දිගුවක් අපේක්ෂා නොකරන බව ඔහු විසින් මූල්‍ය මණ්ඩලයට දැනුම්දී ඇත.