තනතුරක් ගන්න මාත් කැමතී- හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නිකුත් කළ නිවේදනයක් මෙසේය. සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට මම සූදානම්. 

මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි.

ආණ්ඩුවට සහාය දෙනවා..- ස්වාධීන පක්‍ෂ 10


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. 
 
අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ අමාත්‍යධුර කිසිවක් බාර නොගෙන රටේ රට ගොඩනැගීම සඳහා වන යෝජනාවන්ට තම කණ්ඩායමේ සහාය ලබාදෙන බවයි.

අගමැතිකමට රනිල් සුදුසුයි


රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබාදීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ප්‍රකාශ කළද, පාර්ලිමේන්තුව තුළ අපොස සාමාන්‍ය පෙළ අසමත් 94 දෙනකු සිටින බැවින්  එවැනි පුද්ගලයකුට අගමැතිකම ලබා දෙනවාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීම මේ අවස්ථාවේ වැදගත් වන බව තමන් විශ්වාස කරන්නේයැයි තමීල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේස්වරන් මහතා දේශයට ප්‍රකාශ කළේය.

පුද්ගලයින් 230ක් අත්අඩංගුවට


ගත වු දින කිහිපය තුළ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පසුගිය 09 වැනිදා සිට මේ දක්වා කාලය තුළ විවිධ චෝදනා සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවටයි වාර්තා වන්නේ.

මන්ත්‍රී ආරක්ෂාව තර කෙරේ


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ.