ස්වේච්ඡා බලසේනාවේ කලා ශිල්පීන් හිටියා

ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 වැනිදා සිට ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සංවෘත්ත සේවා බවට පත් කෙරේ

දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන යන සේවාවන් සංවෘත්ත සේවාවන් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බදාදා (දෙසැ 13) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසුවේය.මෙමගින් ඉහත කී සේවාවන් වෙන වෙනම පවත්වාගෙන යාමටත් ඒවායේ වැටුප් තීරණ එකිනෙකට බලනොපාන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

උමාලි සාරංගගේ ෆොටෝ එකක් එක්ක ප්‍රේමය ගැන කතා කරයි

උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියන්නේ ජනප්‍රිය කලා තරු යුගලයක්. මොවුන් දෙදෙනාගේ විවාහය කලකට ඉහතදී ආන්දෝලනාත්මක ලෙස දෙදරා ගිය බව හැමෝම දන්නවා. උමාලිගේ සහ සාරංගගේ විවාහය ගැන නැවත සමාජ ජාලා මාධ්‍ය තුල කතාබහක් ඇති වෙමින් පවතිනවා. ඒ උමාලි තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරපු සටහනක් නිසා. සාරංග සහ ඇය සිටින ඡායාරූපයක් සමග ඇය මෙම සටහන පල කර තිබෙනවා.

මිනිසෙකු නැවත සඳට යවන්න - ට්‍රම්ප් NASA ආයතනයට කියයි

සඳ මතට නැවතත් මිනිසකු යැවීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් NASA ආයතනයට දන්වා තිබේ.අඟහරු ග්‍රහයා වෙත මිනිසකු යැවීම සඳහා මූලික අඩිතාලම දමන අරමුණ ඇතිව මෙම කටයුත්තට එළඹිය යුතු යයි ධවල මන්දිරය සඳහන් කර ඇත.මේ බව නිවේදනය කරන ලද්දේ ධවල මන්දිර ප්‍රකාශක හෝගන් ගිඩ්ලි විසිනි.

මිනිසකු පළමු වරට සඳ මත ගොඩ බැස්සේ 1969 ජූලි මාසයේදිය. ඒ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහුට පසු එඩ්වින් ඕල්ඩ්‍රිං ද සඳ මත ගොඩ බැස්සේය. ඔවුන් ගමන් ගත්තේ ඇපලෝ 11 මෙහෙයුම යටතේයි.

ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි විවාහ වෙයි (PHOTOS)

ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණා.ඔහු විවාහ වුයේ බොලිවුඩ් රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා සමගයි.ඉතාලියේ මිලානෝ නුවර පැවති විවාහ මංගල උත්සවයට ඔවුන්ගේ පවුලේ සමීපතමයන් පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.ලබන 21 වැනිදා ඉන්දියාවේ දිල්ලි නුවරදීද විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

සිය විවාහ මංගල්‍ය උත්සවය හේතුවෙන් විරාත් කෝලි ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියටද සහභාගි වන්නේ නැහැ.ඔහු නොමැතිව ඉකුත්දා පැවති පළමු එක්දින තරගයේදී ඉන්දිය කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කිරීමටද ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.විරාත් කෝලිගේ සහ අනුෂ්කා ශර්මාගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.

මහින්ද පිළේ කෑගල්ලේ සංවිධායක අලියා පිටේ නගියි

කෑගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සහ මහින්ද පිලේ කෑගල්ල සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඩී.එම් උපාලි දිසානායක මහතා එජාපයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඔහු අද (11) දිනයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමෙන් අනතුරුව මෙම පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ‍්‍රීලනිපයට එක්වෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එකත්ව තිබේ.ඔහුත් සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව ඇත.

ජනපති-බැසිල් මහරෑ දුරකතන සාකච්ඡාවක

ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මැතිවරණයට තරග කිරීම ගැන තීරණාත්මක දුරකතන සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ බව දේශපාලන අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

දිවයිනේ ප්‍රධාන පෙළේ සරසවියක මහාචාර්ය පදවියක් දරන ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව පසුගියදා සිදුවිය.

හතුරුසිංහ 20 දා සිට ශ්‍රී ලංකාවේ වැඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා එළැඹෙන 20 දා සිට වැඩ බාර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත්කිරීමට අදාළව විධායක කමිටුවේ අනුමැතිය පසුගිය 06 දා ලැබී ඇත.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු වශයෙන් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙවනැලි පහුණුකරු වශයෙන් කටයුතු කර ඇති හතුරුසිංහ පසුව ඔස්ට්‍රේලියා ප්‍රාන්ත කණ්ඩායමක පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළේය.

පසඳගේ මඟුල් ගෙදරදී මෛත්‍රී - මහින්ද හමුවක්‌

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ සහ එක්‌සත් ජාතික පක්‌ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය ජනාසී මෙනවිය අතර ඊයේ (07 වැනිදා) කොළඹ ශැන්ගි්‍රලා හෝටලයේදී පැවැති විවාහ මංගල උත්සවයේ මනාල යුවළ වෙනුවෙන් සාක්‌ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්වරු අත්සන් තැබූහ.