ගිනස් මඟුල උසාවියට!

ගිනස් වාර්තා ලෝකයට බිහිවන්නේ ලෝකයේ ඕනෑම පුද්ගලයෙක්ගේ හෝ කණ්ඩායමක අරුම පුදුම හැකියාවන් ලෝක වාර්තාවන් බවට පත්කිරීමේ අරමුණ ඇතුව ය. ලෝකය පුරාම ජනප්‍රිය වුණු මේ ගිනස් වාර්තා පොත ශ්‍රී ලංකාවේ අපට ද එතරම් ආගන්තුක දෙයක් නොවේ. ඒ මක්නිසාදයත්, ඔළුවෙන් බිඳ හෙළූ වැඩිම කොන්ක්‍රීට් කුට්ටි සංඛ්‍යාව, පැයකදී ඇඳි වැඩිම කමිස ගණන, ලෝකයේ වැඩිම දෙවැනි මනාලියන් ගණනක් හිටපු මංගලොත්ස්වය වැනි ගිනස් වාර්තා රැසක් අපේ උදවිය සතුවන නිසා ය. කෙසේ නමුත් මේ මොන විකාර වාර්තා ද යන සිතුවිල්ල නම් ඒවා ගැන ඇහෙන දකින අයට පහළ වීම ද ස්වභාවික ය.

ලොව ධනවත්ම කාන්තාව දිවියෙන් සමුගනී

ලෝක ප්‍රකට ලෝරියාල් (L'Oreal) විලවුන් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියාන් බෙටාන්කුවර් (Liliane Bettencourt) දිවියෙන් සමුගත් බව ඇයගේ පවුලේ ඥාතීහු නිවේදනය කළහ.
මිය යනවිට 94 හැවිරිදි වූ ලිලියාන් සිය නිවසේදී අවසන් හුස්ම හෙලූ බව එම නිවේදනයේ දැක්වෙයි.
ලොව ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ඇයගේ වත්කම 2017 වසරේ දී ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් බිලියන 40ක් වන බවය.

ඔසරි පොට ගැන විමර්ශනයක්

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කිසිදු කටයුත්තක් සඳහා ළමයින් හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඉරාජ්ගේ ඊළග ගීත වීඩියෝවේ මං නිරුවත් වුණා.. හැමෝම බලන්න

ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මීලග ගීත වීඩියෝව සදහා තමන් නිරුවත් දර්ශණයකට පෙනී සිටි බව නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සදහන් කරයි.

තමන් නිරුවත් වූයේ ඉතාමතක් කලාත්මන ලෙස ජනතාවට නැරඹිය හැකි අයුරින් යයිද ඇය කියයි.

තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මතයි

පළාත් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 44ක් පමණි.

එක් මන්ත‍්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඩයලොග් සබඳතා පැය කිහිපයකට අවුල්වේ

ද (20) ලංකාවේ මිලියන 11 කට ආසන්න පාරිභෝගිකයින් පිරිසක් භාවිත කරන ඩයලොග් ජංගම දුරකථන සේවා ජාලයේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් විශාල පිරිසක් අපහසුතාවයට ලක් විය.
වරින්වර සංඥා ඇතිවීම හා නැතිවීම සිදුවූ බව ඩයලොග් භාවිතා කරන්නන් විසින් පැමිණිලි කර තිබුනි. ජාලය තුළම වෙනත් අංකවලට ඇමතුම් ලබාගැනීම විශේෂයෙන් අපහසු වූ අතර පාරිභෝගික සේවා අංකයද ක්‍රියාත්මකවී නැත.

මැතිව්ස් ආයෙත් ලෙඩවෙලා !

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමිවෙනු ඇති බව වාර්තා වේ.

ඒ පාකිස්තාන තරගාවලියට පුහුණුවීම්වල යෙදෙමින් සිටියදී ඔහු අද (20) ආබාධයකට ලක්වීම නිසාය.

මැතිව්ස් බත්කෙණ්ඩේ ආබාධයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

මෛත‍්‍රී වෙනුවෙන් ට‍්‍රම්ප්ගෙන් භෝජන සංග‍්‍රහයක්

එජා මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සිංහලෙන් ඇමතු ජනපති (video)