ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1 කින් ජය ලැබීය.
ශ්‍රී ලංකා පිල ලකුණු 117 ක ඉලක්කය ඕවර 16 කදී කඩුල්ලක් පමණක් දැවවී සම්පූර්ණ කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය. තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන ලැබීය.
Jun72023
Jun72023
මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර දී කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඉකුත් දෙවෙනි දින යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ තැකයඩි ක්‍රීඩාංගනයේ දි පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
Jun62023
VAT බදු ක්‍රමය අහෝසි කෙරේ
එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, එම තීරණය 2024.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතු බව රජය පවසයි.
ඒ අනුව, එම තීරණය 2024.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතු බව රජය පවසයි.
Jun42023
යොහානි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන ලබයි
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය.
කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දායකත්වයක් දුන් පුද්ගලයන්ට ඩුබායිහි බලධාරීන් පිරිනමන ගෞරවනීය සම්මානය ‘ගෝල්ඩන් වීසා’ ලෙස හදුන්වයි.
Jun42023
ජනාධිපති රනිල්ට සැලියුට් කරනවා - කළණ ගුණසේකර
අර්බුදයට ගොස් තිබූ රට මේ ආකාරයෙන් හෝ වැටෙන්න නොදී අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සැලියුට් කරන බව රංගන ශිල්පී කළණ ගුණසේකර මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් තවත් ලොව කොහේ හෝ තමන් දැක නැති බව ද හෙතෙම කියයි. මෙතරම් ඉවසීමේ ගුණයක් සහිත නායකයෙක් වීම ගැන ද තමන් ඔහුට ගරු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.