රත්නසිරි වික්‍රමනායක රෝගාතුරව නවලෝකේ

විශ්‍රාමික දේශපාලනඥ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහත රෝගීවීම හේතුවෙන් කොළඹ නවලෝකරෝහලකට ඇතුළත් කර තිබේ. 

දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් කිහිපදෙනා අතරින් කෙනෙකු වන වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු හා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කරයි.

ආරක්ෂක ලේකම් සරත් විජේසූරියගෙන් වන්දි ඉල්ලයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවටත් ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවටත් සරත් විජේසූරිය කළ ප්‍රකාශයකට එරෙහිව මෙලෙස මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර ඇත.

තෙවරප්පෙරුම යළි උපවාසේ

බුලත්සිංහල උක්වැලි කන්ද රබර් ආයතන භූමිය ආසන්නයේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම උපවාසයක් අරඹා ඇත. මෙම කර්මාන්ත ශාලාව පරිසරයට විස රසායනික ද්‍රව්‍යමුදාහැරීම දිගටම සිදුකරන බවත් ප්‍රදේවාසීන්ගේ විරෝධය නොතකන බවත් කියන ඔහු නියමිත බැහැර කිරීමේ ක්‍රමවේදයන්ට පටහැනිවට එම කටයුතු සිදු කරන බවට චෝදනා කරයි.

ප්‍රදේශයේ මාර්ග , ළිං විනාශ වී ඇති බවත් ඔවුන් සෞඛ්‍ය වශයෙන් දුර්වල වී ඇති බවත් කියන නි.ඇමතිවරයා ඒ පිළිබඳව අවසන් විසඳුමකට පැමිණෙන තුරු තමා කර්මාන්ත ශාලාව ආසන්නයේ දිගටම රැදී සිටිමින් උපවාස කරන බව දන්වා ඇත.

ග්‍රෑස්ට්‍රයිටීස් රෝගය සඳහා සුදුසු හා නුසුදුසු ආහාර


ජීවිතයට සතුට හා නිදහස් සැහැල්ලු බව පලවා හරින බොහෝ ලෙඩ රෝග ගෙන දෙන්නේ පීඩාකාරී බවක්. කොයි තරම් සැහැල්ලුවට හා සතුටින් ගත කරන්න ආයාස කළත් කුමන හෝ තත්ත්වයක් දුර්වල වී මතු වන්නේ ජීවිතයට තර්ජනයක් අත්කර දෙන විනාශකාරී රෝග තත්ත්වයක්. උදරය ආශ්‍රිතවද එලෙස හට ගන්නා රෝග තත්ත්වයක් ලෙස ග්‍රැස්ට්‍රයිටීස් අමිල පිත්ත රෝගය හඳුන්වා දිය හැකියි. රෝග තත්ත්වය මුලදී සිඳ බිඳ නොගත්තත් ඉන් සිරුරට වන හානිය අපමණයැයි කිව නොහැකි බැවින් මොකක්ද මේ අමිල පිත්ත රෝගය කියන්නේ? ඉන් වැළකිමට කළ යුතු දේ මොනවාද? යන්න දැනුවත්වීම වඩා වැදත්ය.

සුපිරි ඇමැති ධුරයට ශ්‍රීලනිප ඇමැතිවරු විරෝධය දක්වති

කැබිනට් අමාත්‍ය ධුරයන් සඳහා සුපිරි බලතල හිමිවන බව කියන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට ඊයේ (20) පැවැති කැබිනට් හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් දැඩි විරෝධය පළ කර ඇත.

“ඕක තමයි පසුගිය ආණ්ඩුවටත් වුණේ. බැසිල් රාජපක්ෂ මහත්තයා හැම ඇමැතිකමකම වැඩ කරන්න ගිහිල්ලා තමයි අපේ ආණ්ඩුව පරාද වුණේ” දයාසිරි ජයසේකර ඇමැතිවරයා කීවේය.