ග්‍රෑස්ට්‍රයිටීස් රෝගය සඳහා සුදුසු හා නුසුදුසු ආහාර


ජීවිතයට සතුට හා නිදහස් සැහැල්ලු බව පලවා හරින බොහෝ ලෙඩ රෝග ගෙන දෙන්නේ පීඩාකාරී බවක්. කොයි තරම් සැහැල්ලුවට හා සතුටින් ගත කරන්න ආයාස කළත් කුමන හෝ තත්ත්වයක් දුර්වල වී මතු වන්නේ ජීවිතයට තර්ජනයක් අත්කර දෙන විනාශකාරී රෝග තත්ත්වයක්. උදරය ආශ්‍රිතවද එලෙස හට ගන්නා රෝග තත්ත්වයක් ලෙස ග්‍රැස්ට්‍රයිටීස් අමිල පිත්ත රෝගය හඳුන්වා දිය හැකියි. රෝග තත්ත්වය මුලදී සිඳ බිඳ නොගත්තත් ඉන් සිරුරට වන හානිය අපමණයැයි කිව නොහැකි බැවින් මොකක්ද මේ අමිල පිත්ත රෝගය කියන්නේ? ඉන් වැළකිමට කළ යුතු දේ මොනවාද? යන්න දැනුවත්වීම වඩා වැදත්ය.


* අම්ල පිත්ත යනු කුමක්ද?

ආමාශය තුළ ආම්ලිකතාවය වැඩිවීම අම්ල පිත්තයයි. එය තවදුරටත් කියතොත් ආමාශ අභ්‍යන්තරයේ හා ඒ අවට බඩවැල් ආදියේ ඇතිවන ප්‍රදාහයික තත්ත්ව මතුවීමයි.

ආම්ලිකතාවය වැඩිවීමට හේතු -

ආමාශයේ ආම්ලිකතාවය බොහෝ විට වැඩිවෙන්නේ අප තුළ පවතින යම් යම් අක්‍රමවත් පැවැත්මක් නිසායි. ඒ අනුව වැරැදි ජීවන රටාවන් තමා තුළ අනුගත වීම හේතුකොට ගෙන පහත කරණු ගැන ඔබ සැලකිලිමත් නොවීම විශේෂ බව කිව හැකියි.

* වැරැදි ආහාර රටා - මෙහිදී අප පළමුවෙන්ම ආහාරවල පවතින විසිතුරුභාවය හා එහි රසයට ඇති කැමැත්ත නිසා යොමුවේ. මේ අනුව ක්ෂණික ආහාරවලට, රසකාරක යෙදූ අතර වර්ණකාරක ආහාර සඳහා යොමුවීම වැඩි වේ. මීට් බෝල්, සොසේජස්, පැණිබීම, පේස්ට්‍රි වර්ග. පැටිස් , රෝල්ස් සහ රස කාරක යෙදූ නූඩ්ලස් වර්ග, බිස්කට් වර්ග හා විවිධ කෘත්‍රීම ආහාර මේ ඝණයට අයත්ය.

කලට වේලාවට ආහාර නොගැනීමද ආම්ලිකතාවය වැඩිවීම ඇතිවන තවත් හේතුවකි. බොහෝ විට කුඩා දරුවන්ග් වැඩිමට පෝෂණීය ආහාර ඉතාමත් වැදගත්ය. රාත්‍රී ආහාරයෙන් පසු ඔවුන්ට නැවත ආහාර ලබාගත හැක්කේ පසු දා, උදේ 9,10 වෙලා නම් එය ශරීරයට සුදුසු තත්ත්වයක් නොවේ.

* මානසික ආතතිය

* මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය

* ප්‍රතිජීවක හා වේදනා නාශක

ඹෟෂධ දිගුකල් භාවිතය රෝග ලක්ෂණ

වමනයට හෝ ඔක්කාරයට ඒම මෙහිදී දැකිය හැකි විශේෂිත ලක්ෂණයයි. එය ඇඹුල් රසයට උගුරට පැමිණීම සිදුවේ. බඩ පපුව දැවිල්ල හා හිසරයද ඇතිවීමද දැකිය හැකි තවත් ලක්ෂණයකි. ඩහදිය දැමීම, ක්ලාන්තය මල බද්ධය නොදිරවූ ආහාර කොටස් මල සමඟ පිටවීම. බඩ පුරවා දැමීම. මල මඟ දාහය, කේන්ති යාම, තරහව හා කිසිවකු නොරුස්නා බව තිබේ නම් සැලකිලිමත්වීම වඩාත් වටියි.

වළක්වා ගත හැකි ක්‍රම

01. නිසි වේලාවට ප්‍රමාණවක් ආහාර වේලක් ගැනීම

02. ක්ෂණික ආහාර, රස කාරක දැමූ ආහාර, වර්ණකාරක දැමූ ආහාර හා උෂ්ණ ආහාරවලින් වැළකී සිටීම. ඒ සමඟම නූඩ්ලස් වර්ග ගැනද එසේමයි.

03. කොළ එලවළු වර්ග, එළවළු කොළ මැල්ලුම්, කොළ කැඳ දිනපතා ආහාරයට ගැනීම.

04. කෙඳි සහිත ආහාර එළවළු, පලතුරු, නිසි ප්‍රමාණයෙන් දිනපතා ආහාරයට ගැනීම.

05. සැහැල්ලු දිවි පැවැත්ම

06. මානසික ආතතියෙන් තොරවීම

රෝගය සඳහා සුදුසු ආහාර

මේ සඳහා ආහාර රටාවට හුරුවීම වඩාත් සුදුසුයි. මේ සඳහා දේශීය ආහාර රටාවට හුරුවීම වැඩිපුර තෙල් දමා ගත් ආහාර කෑමෙන් වැළකීම සුදුසුයි. ඉදුණු බෙලි, ඉතාමත් ගුණයි. හීල් බත්වලින් සෑදූ දියබත් වඩාත් යෝග්‍ය වේ. කෝමාරිකා කැඳ ( මුං ඇට කෝමාරිකා මදය තුළ දිනක් තබා පසුදා කොණ්ඩිය ඇදුණු මුංඇට ටික සමඟ එම කෝමාරිකා මදය සමඟ සූරා සාදාගත් කැඳ) ධාන්‍ය වර්ග, දේශීය පාන වර්ග අතරින් තැඹිලි , කුරුම්බා මෙන්ම රණවරා, බෙලිමල්, සැවැන්දරා, එරමුසු වැනි පානවර්ග හා නෙල්ලි, රසකිඳ පානය ද සුදුසුයි. එසේම ජලය හොඳින් පානය කළ යුතුයි.

නුදුසුසු ආහාර

01 උෂ්ණාධික ආහාර - අන්නාසි, තක්කාලි, බල මාළු, අච්චාරු, සැමන්, චට්නි වර්ග

02. ක්ෂණික ආහාර - බයිට් වර්ග, පේස්ට්‍රි රෝල්ස්, පැටිස් ඇතුළු සියළුම බේකරි කෑම, සොසේජස් , මීට් බෝල්, ජ්පඪඥඤ පඪජඥ ,ඩෙවල් කෘත්‍රීම රසකාරක වර්ණ කාරක යෙදූ ආහාර, කෝඩියල් වර්ග, බූන්දි සහ චූන් පාන් වර්ග.

03 තෙල් අධික ආහාර - සියළුම තෙම්පරාදු කළ ව්‍යාංජන හා බත් වර්ග ඇතුළු කෑම

04. ලුණු අධික ආහාර - ලුණු දෙහි, ජාඩි වර්ග, චට්නි වර්ග

ඇඹුල් අධික ආහාර, අමු පලතුරු, උදා අඹ, ලොවි, ඇඹරැල්ලා, කාමරංගා, අන්නාසි (ග්‍රෑස්ට්‍රයිටීස් ඇති අයට පමණයි)