පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්වීම සඳහා මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 2500ක දීමනාව තමන් ප්‍රතික්ෂේප කරන බවත්, එම වැඩිකළ මුදල් ලබා නොගන්නා බවට කථානායක කරු ජයසූරිය මහතාව ලිපි දෙකක් මගින් දැනුවත් කිරීමක් කළ බවත් සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
බත් පැකට්ටුවක මිල රු.10කින් ඉහළට
දිවයින පුරා සියලුම ආපනශාලාවල උදේ හා දහවල් කෑම පැකට් එකක මිල අද (19) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
රට පුරා පවතින සහල් මිල ඉහළ යාම ජනතාවට කෙතරම් පීඩාවක් වී ඇතිදැයි රජයට අවබෝධ කරවීම සඳහා මෙම තීරණයට එළැඹි බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.
ඔත්තු බලන ඇමරිකානු යානයක් මත්තලට ඇවිත්
හම්බන්තොට මාගම්පුර වරායේ විදේශ නැව් දෙකක් ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීම මැද ඇමරිකානු නාවික හමුදාවේ අධි තාක්‍ෂණික විද්යුත් උපාංග සහ සෙන්සර උපාංගවලින් යුත් පොසිඩන් නමැති ඔත්තු බැලීමේ යානාව මත්තල ගුවන්තොටුපළට පැමිණීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග අභ්‍යාසවල යෙදීමට බව දක්‌වමින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ඔත්තු සේවා යානාව එකවරම මත්තල ගුවන් තොටුපළට ගොඩ බා පසුව පිටත්ව ගොස් තිබේ. ආරක්‍ෂක ආරංචි මාර්ග දක්‌වන්නේ මත්තල ගුවන්තොටුපළේ කිසිදු හමුදා අභ්‍යාසයක් නොතිබූ බවයි. ඉන්දීය සාගරයේ නෞකා මාර්ග මෙන්ම මුහුදු කොල්ලකරුවන් හා චීන නැව් ගැන විමර්ශනයේ යෙදීමට මෙම ඔත්තු බැලීමේ යානා යොදවා ඇත. මත්තල ගුවන්තොටුපළට මෙයට පෙර ඇමරිකානු කිසිදු ඔත්තුබැලීමේ යානාවක් පැමිණ නැත.
සංඛ මව්බිම පුවත්පත අතහැර ගියේ ඇයි?
මෙරට ජනමාධ්‍ය ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ දක්ෂතා පෙන්වමින් නමක් දිනා සිටින දෙස් විදෙස් සම්මාන ලාභී සංඛ විදානගමද සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමට පසුගිය දෙසැම්බර් 08 වනදා සමුදී ඇලෝසියස්ගේ නව මාධ්‍ය ජාලයට එක්ව ඇත. ඔහු එම සමාගමේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් පුවත්පත ආරම්භයේ සිටම සේවය කළ අතර ඔහුගේ යටතේ ඡායාරූප ශිල්පීන් 15 දෙනෙකු සේවය කර ඇත. ඒ අනුව සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමට අයත් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් සතියෙන් සතිය ප්‍රවෘත්ති මවන ස්ථානයක්ව ඇත.
අප කළ විමසීමකදී සංඛ විදානගම සදහන් කර සිටියේ සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ සභාපති ටිරාන් අලස් මහතාගෙන් හෝ කර්තෘ මණ්ඩලයෙන් තමන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවී ඇති බවත් මෙය හුදෙක්ම තම පුද්ගලික තීරණයක් බවත්ය. සාමාන්‍යයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහල පිළිගැනීමක් ඇති සංඛ සිය මහත්මා ගති පෙන්නුම් කරන තරුණයකු බව බොහෝමයක් දෙනා පිළිගන්නා කරුණක් වන අතර ආයතනය තුලද කිසිදු ගැටළුවක් ඇති කර නොගෙන වසර පහ පුරාවටම සේවා ස්ථානයට තම උපරිමයෙන් සේවය කළ අයෙකු වශයෙන් එම ආයතනය තුල පිළිගැනීමක් ඇත.
නව ව්‍යවස්‌ථාවෙන් පක්‍ෂ මාරුව තහනම්!
පක්‍ෂය මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන වගන්තියක් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමට රජය සැලසුම් කර ඇත. කිසියම් මන්ත්‍රීවරයකු සිය පක්‍ෂය මාරු කළොත් එකී මන්ත්‍රීවරයා නියෝජනය කරන ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වයි. එහිදී ඡන්ද දායකයන්ගේ කැමැත්ත මත ඔහු හෝ ඇය අතුරු මැතිවරණයෙන් ජය ලබා යළි පාර්ලිමේන්තුවට හෝ.පළාත් සභාවට තේරී පත් විය යුතුය.




