ආණ්‌ඩුව රට විකුණනවා

නොයෙකුත් සිද්ධීන් කරලියට ගෙන සමාජ අවධානය ඒ වෙත යොමු කරවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට සහ රටේ සම්පත් විදේශිකයන්ට විකිණීමේ කූඨ උපක්‍රමයක වත්මන් ආණ්‌ඩුව නියෑළී සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

මත්තල වරාය සිද්ධිය, ආගම් අතර ඝට්‌ටඨන, වැට්‌ සංශෝධන එවැනි සිද්ධීන් බව කී උන්වහන්aසේ ආණ්‌ඩුවේ මෙම ක්‍රමන්ත්‍රණය පරාජය කිරීමට ජාති ආගම් පකෂ පාට භේදයකින් තොරව සැවොම එක්‌විය යුතු යෑයිද පැවසූහ.

බිරිය සැමියාගේ රහසඟට උණු වතුර ගහලා

සිය සැමියා නිවස අසල කාන්තාවක් සමඟ රහසිගතව සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමෙන් උරණ වූ වැලිගම ප්‍රදේශයේ කාන්තාවක් සිය 38 හැවිරිදි ස්වාමි පුරුෂයාගේ රහස් ප්‍රදේශයට උණු වතුර වත්කර බරපතළ පිලිස්සුම් තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විවාහක කාන්තාව වැලිගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

බෙල්ලට වෙඩි තියාගෙන

ඉලක්කයට වෙඩි තබමු යැයි පවසා මිතුරාගේ තුවක්කුවෙන් තමාගේම ගෙලට වෙඩි තබාගෙන 22 හැවිරිදි තරුණයකු පෙරේදා (14දා) මියගොස් ඇතැයි තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල්ආර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි ගයාන් සමින්ද නමැති අයෙකි. මිතුරා සමඟ මත්පැන් පානය කර පසුව මිතුරාගේ නිවෙසට ගොස් ඔහුගේ නිවෙසේ ඇඳ යට තිබූ බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන ඉලක්කයට වෙඩි තබමු යැයි පවසා මිතුරා ඉලක්කය සකස් කරන අතරතුර තම ගෙලට තුවක්කු බටය තබාගෙන වෙඩි තබාගෙන තිබේ.

පුංචි ඡන්දය මාර්තු 31ට පෙර

පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණයන් මේ මස 28 වැනිදා ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.

එදිනට සීමා නිර්ණයන් ගැසට් කළහොත් මාර්තු 31 වැනි දිනට පෙර මැතිවරණය පැවැත්වීමට හැකි වන බවද ඔහු පවසා සිටියේය.සීමා නිර්ණ ගැටලු විසඳීම සඳහා පත් කළ කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ වාර්තාව මේ මස 27 වැනිදා ලබාදෙන බවට එම කමිටුවේ සභාපතිවරයා පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සා.පෙළ සිසුන් 12කට ඩෙංගු

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් 12කට ඩෙංගු රෝගය වැලඳී අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාවීම ඉහළ යාමත් සමඟ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ශක්තිමත් කර ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.