කසිප්පු පෙරීම වැඩිවෙයි

බියර් මත්පැන් මිල ඉහළ යෑම හේතුවෙන් නීතිවිරෝධී කසිප්පු නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

බස්නාහිර පළාත තුළ පමණක් මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) නිෂ්පාදනාගාර 30කට ආසන්න ප්‍රමාණයක් පසුගිය සති දෙක තුළ පමණක් වැටලූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ ඇමෙරිකා යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (10) ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (11) සඳහන් කළේය.

පසුගිය කාලය පුරා අතපසු වූ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් හිටපු අමාත්‍යවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවද එම පෙරමුණ සඳහන් කරයි.

සෙංකෝලය ඉස්සුවොත් සති 8ක් මැති සබේ තහනම්

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තබා ඇති සෙංකෝලය ස්පර්ශ කරන හෝ ඔසවන මන්ත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු සේවය සති අටකට අත්හිටුවීමේ බලයක්ද ඇතුළත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවසන් කෙටුම්පත කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට පෙරේදා (10) ඉදිරිපත් කරන ලදී.

වසර දෙකක කාලයක් සාකච්ඡා කිරීමෙන් පසු මෙම ස්ථාවර නියෝග වෙනස් කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එසේම ස්ථාවර නියෝග වෙනස් වන්නේ වසර 20 කට පසුවය.

නබිනායකතුමාගේ ජන්ම දිනය අද

ලොවපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ශුද්ධවූ නබි නායකතුමාගේ උපන්දිනය සිහිපත් කෙරෙන මිලාද්- උන්- නබි උත්සවය අදට (12 දා) යෙදී තිබේ. 

ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමාණන් ලෙස හැඳින්වෙන මුහම්මද් නබිතුමාණන් උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට උත්සාහ ගත් ශ්‍රේෂ්ඨ ආගමික නායකයකු ලෙස ජනතා බුහුමනට පාත්‍ර වී තිබේ.

කෝටියක්‌ දාස්‌පෙතියා මල් පූජාව


මේ වන විට කෝටියක්‌ දාස්‌පෙතියා මලින් රුවන්මැලි සෑ රදුන් පුදන අසිරිමත් දිනය ලෙස ලබන ජනවාරි මස 29 වැනි දින නම්කොට ඇත. යහපත් අරමුණු රැසක්‌ මුදුන්පත්කර ගැනීම පිණිස රට පුරා වෙසෙන දස දහස්‌ ගණන් බැතිමතුන්ගේ දායකත්වයෙන් එය සිදුකිරීමට නියමිතය ඒ සඳහා දැවැන්ත සංවිධාන ශක්‌තියක්‌ අවශ්‍ය වන අතර එම අසිරිමත් කටයුත්තේ පෙළ ගැස්‌ම පහත පරිදිය.