අයෝමි ආයෙත් රඟපෑමට

අයෝමි ශානිකා වැර වෑයමෙන් ඉගෙන ගෙන ආයුර්වේද වෛද්‍යවරියක වුණා. ඊට පස්සේ ඇය තමන්ගේම වෛද්‍ය ආයතනයක් පටන් ගත්තනෙ නුවර. අනතුරුව අයෝමි මව් පදවියත් ලැබුවා. 

මේ හේතු කාරණා නිසා ඇයට ක්‍රම ක්‍රමයෙන් රංගන කටයුතු අමතක වෙලා යමින් තිබුණා. ඉඳලා හිටල නාට්‍යයක හිටියොත් මිසක ඇයව පසුගිය කාලේ රංගන ශිල්පිණියක විදිහට දැක්කේ නැති තරම්.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු රංජිත්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ප්‍රනාන්දු මහතා ශාන්ත බෙනඩික් විදුහලේ ආදි සිසුවෙකි.

ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි – CCTV දර්ශන

වේවැල්දෙණියේ හා නයිවල ඉන්ධන පිරවුම්හල් 2 ක් ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් අද අළුයම කොල්ල කා තිබෙනවා. එම ඉන්ධන පිරවුම්හල් දෙකෙන් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති මුදල රුපියල් 65,000 ක්.

වේවැල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ කොල්ලය සිදුව තිබුණේ අද අළුයම 12.45 ට පමණ. මහනුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉන්ධන පිරවුම්හලට යතුරුපැදියකින් කොල්ලකරුවන් දෙදෙනා පැමිණ සිටියේ යතුරුපැදියකින්. මුහුණු ආවරණය කරගෙන පැමිණි ඔවුන් පිහියක් හා පිස්තෝලයක් පෙන්වා ඉන්ධන පිරවුම්හල කොල්ලකන ආකාරය එහි තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණා.

ජනපතිට,අගමැතිට මරණ තර්ජන කර රිමාන්ඩ්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට මරණීය තර්ජන එල්ල කළ 26 හැවැරිදි තරුණයෙකු එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය.

කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන දිනුෂ චමිර නමැති එම සැකකරු මුහුණු පොතේ ගිණුමක්‌ අයිතිව සිටි අයකු බවත් ඔහු විසින් අන්තර්ජාලයට හඬපටයක්‌ නිකුත් කර ඇති බවත් සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එම හඬපටය පරීක්‌ෂා කිරීමේදී ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්‌ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කළ හඬ පටිගත වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශෝක හඳගම කියන කථාව


මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.