ත්‍රිරෝද රථ රියැදුරෙකුට 25,000ක් දඩ ගහලා

රියැදුරු බලපත්‍රයක් නොමැතිව බීමතින් මහනුවර නගරයේ රිය පැදවූ පුද්ගලයකුට රුපියල් විසිපන්දහසක දඩ මුදලක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් පෙරේදා (06) නියම කරනු ලැබීය.

ටී. ජී. ඩී. සමරක්කොඩි නැමැති අරුප්පල දෙ‍ෙවනි පටුමග ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෙලෙස දඩ මුදල් හා සිරදඬුවම් නියම විය. මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගණය අසලින් බීමතින් රිය ධාවනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනිණි.

සෝභිත හිමිගේ මරණය සැක කටයුතු නෑ

කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සැකකටයුතු මරණයක් නොවන බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති හෙයින් එම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (07) තීරණය කළේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ විද්වත් වෛද්‍ය කමිටුවේ සම්පාදිත වාර්තාව ප්‍රකාරව නඩු කටයුතු අවසන් කරන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගත්තේය.

පළාත් පාලන ඡන්දය කොට්ඨාස ක්‍රමයට

පළාත් පාලන මැතිවරණය ඉතාමත් නුදුරේදීම කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ පවත්වන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධානීන් එක්ව ඒකමතිකව තීරණය කළ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබි ඇති බවද ඒ මහතා පවසයි.

මෙම ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම පිළිබඳව ඇතමුන් විරෝධය පළ කරන බවත් කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ අප තෙවන ස්ථානයට පත්ව පරාජය ලැබුවමුන් අනිවාර්යයෙන්ම කොට්ඨාස ඡන්ද ක්‍රමය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් භාවිත කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ වෙනසක්‌

දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ උපනායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් වෙද්දී පළමු වරට නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනූව සිම්බාබ්වේ ටෙස්‌ට්‌ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයන් කණ්‌ඩායමට ඇතුළත් කරමින් දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයේ ලොකු වෙනසක්‌ සිදුකර තිබේ. ආබාධයක්‌ හේතුවෙන් මාස කිහිපයක්‌ විවේකව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකානු සංචාරයට එක්‌කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටින වේගවත්ම පන්දු යවන්නාද වේ.

පකිස්ථාන ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

පකිස්ථාන ගුවන් සේවයට අයත් PK-661 දරණ ගුවන් යානයක් මීට ස්වල්ප මොහොතකට පෙර අනතුරකට ලක් වී තිබේ.

ඒ අවස්ථාවේදී එහි මගීන් 47කට අධික සංඛාවක් ගමන් කරමින් සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අදාළ ගුවන් යානය චිත්‍රාල් සිට ස්ලාමාබාද් බලා පියාසර කරමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව එරට පොලීසිය විසින් රොයිටර් පුවත් සේවයට වාර්තා කර ඇති බව සඳහන්ය.