ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි – CCTV දර්ශන

වේවැල්දෙණියේ හා නයිවල ඉන්ධන පිරවුම්හල් 2 ක් ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් අද අළුයම කොල්ල කා තිබෙනවා. එම ඉන්ධන පිරවුම්හල් දෙකෙන් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති මුදල රුපියල් 65,000 ක්.

වේවැල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ කොල්ලය සිදුව තිබුණේ අද අළුයම 12.45 ට පමණ. මහනුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉන්ධන පිරවුම්හලට යතුරුපැදියකින් කොල්ලකරුවන් දෙදෙනා පැමිණ සිටියේ යතුරුපැදියකින්. මුහුණු ආවරණය කරගෙන පැමිණි ඔවුන් පිහියක් හා පිස්තෝලයක් පෙන්වා ඉන්ධන පිරවුම්හල කොල්ලකන ආකාරය එහි තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණා.

ජනපතිට,අගමැතිට මරණ තර්ජන කර රිමාන්ඩ්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට මරණීය තර්ජන එල්ල කළ 26 හැවැරිදි තරුණයෙකු එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය.

කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන දිනුෂ චමිර නමැති එම සැකකරු මුහුණු පොතේ ගිණුමක්‌ අයිතිව සිටි අයකු බවත් ඔහු විසින් අන්තර්ජාලයට හඬපටයක්‌ නිකුත් කර ඇති බවත් සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එම හඬපටය පරීක්‌ෂා කිරීමේදී ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්‌ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කළ හඬ පටිගත වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශෝක හඳගම කියන කථාව


මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.

SEX සොයා ලංකාවට ආයෙත් ලෝකෙම මුල්තැන

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි.

ක්‍රිකට් ක්‍රීඩාවටත් රතු කාඩ්පත් එයි

ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිත කිරීමේ අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට රතු කාඩ්පතින් අවවාද ලබාදී ඔහුව පිටියෙන් ඉවත්කිරීමට අදාළව පිටියේ විනිසුරුට අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.