රියැදුරු බලපත්රයක් නොමැතිව බීමතින් මහනුවර නගරයේ රිය පැදවූ පුද්ගලයකුට රුපියල් විසිපන්දහසක දඩ මුදලක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් මහනුවර ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා විසින් පෙරේදා (06) නියම කරනු ලැබීය.
ටී. ජී. ඩී. සමරක්කොඩි නැමැති අරුප්පල දෙෙවනි පටුමග ප්රදේශයේ පදිංචි ත්රිරෝද රථ රියැදුරෙකුට මෙලෙස දඩ මුදල් හා සිරදඬුවම් නියම විය. මහනුවර වේවැල්පිටිය ක්රීඩාංගණය අසලින් බීමතින් රිය ධාවනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනිණි.




