60 හැවිරිදි කාන්තාව සමූහ දූෂණය වෙයි

දර කැඩීම සඳහා ඇල්පිටිය, දිවිතුර වතුයායට ගිය හැට හැවිරිදි අවිවාහක කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බව කියන දෙදෙනා අද (6දා)දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පසුගියදා (2දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඇත්කඳුර, තණබද්දේගම 47 වියැති අයෙක් සහ දැඩිවිල, ඇත්කඳුර පදිංචි 57 වියැති අයෙකි.

තිස්සට එරෙහි නඩු විභාගය දිනපතා විභාගයට

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමකට එළඹ ඇති බවට ව්‍යාජ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙසට ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව දිනපතා විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය විත්තිකාර තිස්ස අත්තනායක මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (05) නියෝග කළාය.

ඒකාබද්ධ විපක්ෂය දෙදරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4දා) බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්වීමෙන් පසුව එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 

(නව පක්ෂයක් පිහිටුවා බැසිල් රාජපක්ෂ මහතා කරගෙන යන ක්‍රියාවලිය එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර එම ක්‍රියාමාර්ග වෙනස් කිරීමට බැසිල් පාර්ශ්වය එකඟ නොවීම නිසා මෙම දෙදරා යාම සිදුවී තිබේ.

ජනපතිට සහ අගමැතිට සිතාසි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මාර්තු මස 20වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය අද (05) සිතාසි නිකුත් කළා.

ඒ කූට ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙනුයි.

පූජිත්ගෙ ‘සර්’ ගැන සියලු තොරතුරු මෛත්‍රි අතට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී කළ දුරකතන සංවාදයේදී පොලිස්පති ඇමැතු සර් ගැන තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවැසේ.

එම ආරංචි මාර්ගවලට අනුව මේ 'සර්' පසුගිය ආණ්ඩුවේ මතභේදාත්මක තත්ත්වයන්ට ඇඟිල්ල දිගු වූ ප්‍රබල ලේකම්වරුන් මෙන්ම ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුට රහසේ උදවු කළ අයකු බවද පැවැසේ.