ජනපති බස් සංගම් වලට දුන් පොරොන්දුව

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

ඒ අනුව පසුගියදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ පෞද්ගලික බස් වර්ජනය සම්පුර්ණයෙන්ම අවසන් කරන බවයි එම සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කරන්නේ.එමෙන්ම රථවාහන දඩ රුපියල් 25000 දක්වා වැඩි නොකෙරෙන අතර සාකච්චා මාර්ගයෙන් පමණක් දඩ ඉහළ දැමීමට දැමීමට ජනපති පොරොන්දු වූ බවත් බස් සංගම් පවසනවා.

වර්ජන දිනයේ ලංගම 20කට ගහලා

පසුගිය 2 වැනිදා පෞද්ගලික බස් රථ වර්ජනය පැවැති අවස්ථාවේදී ධාවනය කරන ලද ලංගම බස් රථ 20කට අධික සංඛ්‍යාවකට පහර දී අලාභ හානි සිදු කර ඇතැයි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා කීය. 

මේ සියලු සිදුවීම් වාර්තා වූ සැණින් පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පෞද්ගලිකවම තමා පැමිණිලි කළ බවත් රජයේ දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.

සෝම හිමි අපවත් වී දහතුන් වසරයි


නිර්මල වූ බුදු දහම රැක ගැනීම උදෙසා සුවිසල් මෙහෙයක් ඉටුකළ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී මේ මස 12 වැනි දිනට වසර දහතුනකි. වසර පනස් පහක ජීවන චාරිකාවක් වසර විසි නවයක ශාසනික සේවයක් නිම කළ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ ජීවන තතු මතකයට නංවන්නට අප සිතුවේ ඒ නිසාවෙනි.

සිංහයන් දබර කරද්දී දිවි ගලවා ගත් මීගවයා

සාගින්නේ සිටි සිංහයන් එකිනෙකා දබරකිරීම නිසා මී ගවයෙක්‌ දිවි ගලවා ගැනීමේ සිද්ධියක්‌ දකුණු අප්‍රිකාවේ කෘගර් වනෝද්‍යානයෙන් වාර්තා වේ.

මෙම සිංහයන් කණ්‌ඩායම මී ගවයා බිම පෙරලා ගැනීමෙන් පසු මී ගවයාගේ අයිතිය උදෙසා දබර වී තිබේ. එම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් මී ගවයා නැගිට පැන ගොස්‌ ඇත. සිංහයන්ගේ දබරය අවසන් වන විට බිම වැටී සිටි මී ගවයා අතුරුන් වී ඇති බව සිංහයන්ට වැටහී තිබේ.

සංගා වෙනුවෙන් වෙනත් රටවල් මුද්දර ගහලා

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට්‌ නායක සහ ලොව වමත් පිතිකරුවන් අතර වැඩිම ටෙස්‌ට්‌ ලකුණුලාභියා වන කුමාර් සංගක්‌කාරගේ රුව ඇතුළත් කරමින් මුද්දර නිකුත් කිරීමට රාජ්‍යයන් දෙකක්‌ කටයුතු කර තිබේ. විශේෂත්වය වන්නේ එම රටවල් දෙකම ක්‍රිකට්‌ ක්‍රීඩාව සඳහා වැඩි උනන්දුවක්‌ නොදක්‌වන රාජ්‍යයන් වීමයි.

සංගාගේ රුව සහිත මුද්දර නිකුත් කර ඇත්තේ සොලමන් දූපත් හා ගිනි බිසව් රාජ්‍යයන් වේ. මීට වසර කිහිපයකට පෙර සිට මෙම මුද්දර නිකුත් කර ඇති බව සඳහන් වේ. මෙසේ සංගක්‌කාරගේ රුව සහිත මුද්දර නිකුත් කර ඇත්තේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ දක්‍ෂතා සහ මහත්මා ගුණයට ගෞරවයක්‌ දැක්‌වීම වෙනුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.