''මම ජනවාරියේ ආයිත් එනවා'' ලසිත් මාලිංග

ඉකුත් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සිට පාදයේ ආබාධ තත්ත්වයක්‌ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියෙන් ඈත්ව සිටින ලසිත් මාලිංග ලබන ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලියේදී කණ්‌ඩායමට එක්‌වීමට බලපොරොත්තුවෙන් පසුවේ.

''මගේ ආබාධය දැන් හොඳ වෙමින් තියෙනවා. කොහොම හරි ජනවාරි මාසයේ ආයිත් පිට්‌ටනිය මැද්දට එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. දැන් ටික ටික පුහුණුවීම් කරනවා.'' යෑයි පැවසීය.

වකුගඩු රෝගය ගැන දැනුවත් වෙමු

මේ වන විට අප රටේ බරපතලම රෝගයක්‌ බවට වකුගඩු රෝගය පත්ව ඇත. මෙම රෝගය නිසා වසරකට සියයකට අධික පිරිසක්‌ වකුගඩුවක්‌ බද්ධ කර ගැනීම දක්‌වා වූ තත්ත්වයට බරපතළ ලෙස රෝගී වෙති.

වකුගඩුවක්‌ බද්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්හි පහසුකම් ඇතත් ඒ සඳහා නිරෝගී වකුගඩුවක්‌ ප්‍රදානය කරන පුද්ගලයකු සොයා ගැනීම ඉතා බරපතළ කාරණයක්‌ බවට පත්ව තිබේ.

බස්‌ වර්ජනය ඉවරයි ලු

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ආරාධනා කිරීමෙන් පසු සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඒ පිළිබඳ කරුණු දැක් වූ අන්තර් පළාත් පුද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර පැවසුවේ බස් සංගම් නියෝජිතයින් කිහිප දෙනෙකු හා ජානාධිපතිවරයා අතර අද (03) උදෑසන 7ට පමණ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි

රජයෙන් විශේෂ නිවේදනයක්

බස් රථ වලට ඇතුළු රජයේ දේපළ වලට හානි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස්වර්ජනය ක්‍රියාත්මක වෙමින් සිටින විට රජයේ දේපළවලට හානි කළ පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අවම දඩය නිසා හදිසි අනතුරු අඩුවෙයි

රජය විසින් මාර්ගනීති කඩකිරීම සම්බන්ධයෙන් වූ අවම දඩ මුදල ඉහළ දැමීමත් සමඟ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත දෛනිකව ඇතුළත් කරන රෝගීන්ගේ ප්‍රමාණයේ ද අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යනි සොයිසා මෙනවිය පැවසුවාය.

පසුගිය කාලයේ දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත දෛනිකව රෝගීන් 350ත් 400ත් අතර පිරිසක් පැමිණෙන බවත් එය පසුගිය සති කිහිපයක් පුරා රෝගීන් 220ත් 250ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී ඇතැයි ද සොයිසා මෙනවිය පෙන්වා දුන්නාය.