වකුගඩු රෝගය ගැන දැනුවත් වෙමු

මේ වන විට අප රටේ බරපතලම රෝගයක්‌ බවට වකුගඩු රෝගය පත්ව ඇත. මෙම රෝගය නිසා වසරකට සියයකට අධික පිරිසක්‌ වකුගඩුවක්‌ බද්ධ කර ගැනීම දක්‌වා වූ තත්ත්වයට බරපතළ ලෙස රෝගී වෙති.

වකුගඩුවක්‌ බද්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රෝහල්හි පහසුකම් ඇතත් ඒ සඳහා නිරෝගී වකුගඩුවක්‌ ප්‍රදානය කරන පුද්ගලයකු සොයා ගැනීම ඉතා බරපතළ කාරණයක්‌ බවට පත්ව තිබේ.

වකුගඩුවක්‌ බද්ධ කිරීමට සිදු වන්නේ ඇයි

අපගේ ශරීරයේ ඇති වකුගඩු දෙකෙන් සිදු වන ප්‍රධාන ක්‍රියාව වන්නේ මුත්‍රා මගින් බහිස්‍රාවීය ද්‍රව්‍ය පිටකිරීමය. ඊට අමතරව රුධිරයේ සමතුලිත බව පවත්වා ගැනීම, කැල්සියම්, සෝඩියම් ක්‌ලෝරයිඩ්, පොස්‌පරස්‌ වැනි අයනික ද්‍රව්‍ය සමතුලිතවම පවත්වාගෙන යැම, ලවන සමතුලිතතාව පවත්වා ගැනීම සහ ශරීරයේ පී. එච්. අගය පවත්වා ගෙන යැමය.

මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවීම සඳහා වකුගඩු නිරෝගීව පැවැතිය යුතුය.

දිගුකාලීන දියවැඩියාව, අධි රුධිර පීඩනය, රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් නිසි ලෙස පාලනය කර ගැනීමට පියවර නොගතහොත් එම රෝගවල බලපෑම වකුගඩු අක්‍රීය වීමට හේතුවෙයි.

තෙල්, ලුණු, සහ සීනි අධික ලෙස භාවිත කරන විට, ප්‍රොaටීන් ආහාර අධිකව ගත්විට, දිනකට ජලය වීදුරු 10 ක්‌ 15 ක්‌ පමණ පානය නොකරන විට කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම ක්‍ෂණික ආහාර අධිකව පරිභෝජනය කළවිට ඒවායේ බලපෑමද වකුගඩු අක්‍රීයවීම සඳහා හේතු වේ.

මීට අමතරව හඳුනා නොගත් වකුගඩු රෝග නිසා ද වකුගඩු අක්‍රීය වීමට බලපා ඇත.

ඒ සඳහා බලපා ඇති හේතු ලෙස දැනට අනුමාන කරනුයේ ජලයේ ඇති බැර ලෝහ සාන්ද්‍රණය (කැඩ්මියම් සහ ඇලුමිනියම්) ජලයේ අධික ලෙස දියවී ඇති µaලෝරයිඩ් වැනි සාධක කිහිපයක්‌ මේ සඳහා හේතු වන බව තහවුරු වී තිබේ.

මෙවැනි හේතු නිසා වකුගඩු ක්‍රියාකාරිත්වය අක්‍රීය වීමට පටන්ගත්විට පරිතාන කාන්දුකරණය රුධිර කාන්දුකරණය  ප්‍රතිකාර කිරීමට සිදුවේ.

රෝගී තත්ත්වය අනුව මෙම ප්‍රතිකාර සතියකට දෙතුන් වරක්‌ පවා කිරීමට සිදුවන බැවින් වඩාත් සුදුසුම ප්‍රතිකාරය වනුයේ වකුගඩුවක්‌ බද්ධ කිරීමය.

වකුගඩු රෝගියකුට වඩාත් සුදුසු ආහාර මොනවාද?

වකුගඩු අක්‍රීයවීම නිසා එම පුද්ගලයාගේ ශරීරයේ තැන්පත්වන ප්‍රොaටීන් ප්‍රමාණය අඩුවේ. එබැවින් වකුගඩු රෝගියකු වෛද්‍ය උපදෙස්‌ මත බිත්තර, මස්‌, කිරි ආදි ප්‍රොaටීන් අධික ආහාර පාන ගැනීම සුදුසුය.

අහිතකර ආහාර මොනවාද?

වකුගඩු රෝගීන් කංකුන්, ගොටුකොළ, තම්පලා, සාරණ, මුකුණුවැන්න වැනි පළාවර්ග, තැඹිලි වතුර තක්‌කාලි, පලතුරු බීම ආදිය ආහාරයට නොගත යුතුය. මෙම ආහාර වර්ගවල පොටෑසියම් අධිකය. එබැවින් එම ආහාර ගත්විට වකුගඩු තුළ පොටෑසියම් තැන්පත් වී වකුගඩු ක්‍රියාකාරිත්වය තවත් දුර්වල වේ.

පලතුරු වර්ගද වකුගඩු රෝගීන් ආහාරයට ගැනීම සීමා කළ යුතුය. වෛද්‍ය උපදෙස්‌ මත පළතුරු වර්ග ආහාරයට ගත යුතුය.

දිනකට පානය කළයුතු ජලය ප්‍රමාණය කොපමණද?

වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වීමට පෙර දිනකට ජලය විදුරු 10 ත් 15 ත් පමණ පානය කළද වකුගඩු අක්‍රීය වූ විට එම ජලය ප්‍රමාණය පානය කිරීමට සුදුසු නැත.

වකුගඩු රෝගියකු දිනකට පානය කළයුතු ජලය ප්‍රමාණය වනුයේ තමා දිනකට පිටකරන මුත්‍රා ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකි.

එබැවින් වකුගඩු රෝගියා තමා දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය තීරණය වන්නේ දිනකට පිට කරන මුත්‍රා ප්‍රමාණය අනුවය.

මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අනුර හේවාගීගනගේ