ඩොනල්ඩ් ට්‍රම්ප් - මෛත්‍රී හමුවක්

ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වුණු උප ජනාධිපති මයික් පෙන්ස් වෙතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අද (දෙසැ. 01) රාත්‍රී 8.45ට දුරකථන ඇමතුමක් ලැබුණි.

මෙහිදී දෙරට අතර ප්‍රජාතන්ත්‍රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

එමෙන්ම මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබේ.

වියළි මිරිස්‌වල උග්‍ර විෂක්

ඉන්දියාවෙන් ආනයනය කරන වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාවේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බ. ප. ස. වි. පතිරණ මහතා විසින් අනාවරණය කරනු ලැබීය.

දුම්රිය වර්ජනය අත්හිටුවයි

හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටවූ බව වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම, අවිධිමත් සේවක බඳවා ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත්කිරීම, විශ්‍රාම වැටුප අහෝසිය යන කාරණාවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සුදානම්ව සිටියේ.

ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණ බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළා.

ගෝඨාගේ විදෙස් ගමන් තහනම ලිහිල්වෙයි

රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කර තිබේ.

අදාළ නඩුව අද(01)කැඳවූ අවස්ථාවේ විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.

ගුණරත්නම් නිදහස් වෙන ලකුණු Video

කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව අද පාර්ලිමේන්තුවේ දී පැවසිණ.

මේ බව සදහන් කලේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න විසින්.

එහි දී ඒහු සදහන් කලේ කුමාර් ගුණරතනම් රටින් පිටුවහල් කරන්නේ නැති බවය.