රිදී රැයක්‌ ප්‍රසංගය දෙසැම්බර් 18

එදා මෙදා'තුර රිදී තිරය චමත්කාර කළ, දිදුලන සිනමා තරකාවන් රැසක්‌ වසරක්‌ පාසා ප්‍රසංග වේදිකාව මතට ඇදහැලෙන රිදී රැයක්‌ විචිත්‍ර ප්‍රසංගය සඳහා දෙවන වසරටත් අනුග්‍රහය දැක්‌වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සම්පාදක Dialog ආසිආටා සමාගම ඉදිරිපත් වී සිටී. රිදී රැයක්‌ 2016 ප්‍රසංගය දෙසැම්බර් මස 18 වැනි දින රාත්‍රී 7 සිට නෙළුම් පොකුණ රගහලේදී සුමධුර සංගීතයෙන් හා චිත්තාකර්ෂණීය රංගනයන් ගෙන් ඔප් නැංවෙනු ඇත.

වව්චර් වෙනුවට රෙදි බෙදූ විදුහල්පතිනියට වැඩ වරදී‍

පාසල් සිසුන් සඳහා නිකුත් කර ඇති නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකර ඒ වෙනුවට දරුවන්ට වෙනත් ස්ථානයකින් ලබා ගත් නිල ඇඳුම් රෙදි බෙදා හැරීමට කටයුතු කළ මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන ලේකම්වරයා විසින් එම විදුහල්පතිවරියගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් - මෛත්‍රී හමුවක්

ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වුණු උප ජනාධිපති මයික් පෙන්ස් වෙතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අද (දෙසැ. 01) රාත්‍රී 8.45ට දුරකථන ඇමතුමක් ලැබුණි.

මෙහිදී දෙරට අතර ප්‍රජාතන්ත්‍රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇත.

එමෙන්ම මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබේ.

වියළි මිරිස්‌වල උග්‍ර විෂක්

ඉන්දියාවෙන් ආනයනය කරන වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාවේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බ. ප. ස. වි. පතිරණ මහතා විසින් අනාවරණය කරනු ලැබීය.

දුම්රිය වර්ජනය අත්හිටුවයි

හෙට දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටවූ බව වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම, අවිධිමත් සේවක බඳවා ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත්කිරීම, විශ්‍රාම වැටුප අහෝසිය යන කාරණාවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සුදානම්ව සිටියේ.

ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණ බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළා.