ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරී පත්වුණු උප ජනාධිපති මයික් පෙන්ස් වෙතින් ජනාධිපති මෛත්රිපාල සිරිසේනට අද (දෙසැ. 01) රාත්රී 8.45ට දුරකථන ඇමතුමක් ලැබුණි.
මෙහිදී දෙරට අතර ප්රජාතන්ත්රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇත.
එමෙන්ම මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳව ද ශ්රී ලංකා ජනාධිපතිවරයා හා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වී තිබේ.




