රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කර තිබේ.
අදාළ නඩුව අද(01)කැඳවූ අවස්ථාවේ විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි.




