මාධ්‍ය නිදහස ඇති රටවල් අතර ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳව ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ’ නම් ජාත්‍යන්තර සංවිධානය මඟින් මේ වසරේ පවත්වන ලද නවතම සමීක්ෂණයකින් රටවල් 180 ක් අතරින් 141 ක් වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ලෝකයේ විවිධ රටවල පවතින මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය සමීක්ෂණය සිදුකිරීම අරඹා ඇත්තේ 2002 වසරේ සිටය.

ජනපති මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය පතයි

ආණ්ඩුවේ ඉදිරි කටයුතු සඳහා සහාය දෙන්නැයි මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙත විශේෂ පණිවුඩයක් යවමින් තමන් ඉල්ලා සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බරපතළ යෝජනාව දුර්වල කොට ඇමෙරිකාව හා මෙරට අතර ඇතිකරගෙන තිබෙන එකඟතාව ට්‍රම්ප් මහතාට ඉදිරිපත් කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනට පෙරේදා (26) සහභාගි වෙමිනි.

ඥානසාර හිමිට ඉන්දියාවෙන් තහංචි

ඉන්දියාව බලා පසුගියදා(25) වැඩම කළ බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එරට ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා එවා තිබේ.

ස්වාමින් වහන්සේට නැවත මෙරටට වැඩ කිරීමට සිදුවූයේ ගමන් බලපත්‍රයේ ඇතිවූ වීසා ගැටලුවක් නිසා බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රකාශකයකු පැවැසීය. ඉන්දියාවේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා ඥානසාර හිමියෝ පසුගිය 25 දින රාත්‍රීයේ ඉන්දියාව බලා වැඩමකර ඇති අතර ඇතිවූ වීසා ගැටලුවක් නිසා 26දින නැවත මෙරටට වැඩම කරවූහ.

පහුගිය කාලේ විජයදාස කිව්වේ යහපාලන ආණ්ඩුවේ දේවල් නෙවෙයි

අයේෂා ආබ්දීන් ගැන ලංකා ඊ නිව්ස් හෙළි කළ නිසා ඇය දැන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් කෙළේ වරදක් නොවන අතර විනිසුරුවරුන් කියන්නේ දෙවිවරු නොවන බවත් මේ ප්‍රශ්නයේදී රන්ජන් රාමනායක ඉන්නේ ලංකා ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියන බවත් සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ලංකා ඊ නිව්ස් කර්තෘට එරෙහිව නඩු 70ක්

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පවත්වාගෙන යන්නේ යැයි පැවසෙන 'ලංකා ඊ නිව්ස් 'වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව බරපතල චෝදනා 70 ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත්, ඒවා ගොනු කර ඉදිරියේ දී අධිකරණය හමුවේ නඩු 70ක් දැමීමේ සූදානමක් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (25) ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය විසින් ඉන්ටපෝල් වෙත (ජාත්‍යන්තර පොලීසියට) වරෙන්තු ද නිකුත් කර තිබේ.