ඥානසාර හිමිට ඉන්දියාවෙන් තහංචි

ඉන්දියාව බලා පසුගියදා(25) වැඩම කළ බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එරට ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා එවා තිබේ.

ස්වාමින් වහන්සේට නැවත මෙරටට වැඩ කිරීමට සිදුවූයේ ගමන් බලපත්‍රයේ ඇතිවූ වීසා ගැටලුවක් නිසා බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රකාශකයකු පැවැසීය. ඉන්දියාවේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා ඥානසාර හිමියෝ පසුගිය 25 දින රාත්‍රීයේ ඉන්දියාව බලා වැඩමකර ඇති අතර ඇතිවූ වීසා ගැටලුවක් නිසා 26දින නැවත මෙරටට වැඩම කරවූහ.

පහුගිය කාලේ විජයදාස කිව්වේ යහපාලන ආණ්ඩුවේ දේවල් නෙවෙයි

අයේෂා ආබ්දීන් ගැන ලංකා ඊ නිව්ස් හෙළි කළ නිසා ඇය දැන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් කෙළේ වරදක් නොවන අතර විනිසුරුවරුන් කියන්නේ දෙවිවරු නොවන බවත් මේ ප්‍රශ්නයේදී රන්ජන් රාමනායක ඉන්නේ ලංකා ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියන බවත් සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ලංකා ඊ නිව්ස් කර්තෘට එරෙහිව නඩු 70ක්

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පවත්වාගෙන යන්නේ යැයි පැවසෙන 'ලංකා ඊ නිව්ස් 'වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව බරපතල චෝදනා 70 ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත්, ඒවා ගොනු කර ඉදිරියේ දී අධිකරණය හමුවේ නඩු 70ක් දැමීමේ සූදානමක් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (25) ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය විසින් ඉන්ටපෝල් වෙත (ජාත්‍යන්තර පොලීසියට) වරෙන්තු ද නිකුත් කර තිබේ.

CNN පුවත් අස්සේ අසභ්‍ය වීඩියෝවක් පෙන්නලා

CNN ලෝක පුවත් සේවය හරහා අසභ්‍ය වීඩියෝවක් විකාශනය වී ඇති බව වාර්තා වෙනවා.

එම අසභ්‍ය වීඩියෝව විනාඩි 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රදර්ශනය වී ඇති බව යි පැවසෙන්නේ.

මෙම ක්‍රියාවට තම ආයතනයේ සබඳතාවක් නොමැති බවත් මෙය කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් සිදු කළ ක්‍රියාවක් බවත් CNN පුවත් සේවය ප්‍රකාශ කොට ඇති අතර අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයින් පමණක් මෙම අත්දැකීමට මුහුණ පා තිබෙනවා.

ඔබේ දරුවාගේ නුවණ වඩන විස්මිත රහස් ආහාර

ඔබේ දරුවාගේ නුවණ වඩන විස්මිත රහස් ආහාර

වර්තමානය වන විට බොහෝ දෙමව්පියන් හුරුව ඇත්තේ විභාග ළංවන විට නොපෙනෙන දෙවියන් යාළු කර ගෙන ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපනයට සහයෝගයක් ලබා ගැනීමටය. එලෙසම විශේෂ විභාග නැකත් සොයා යෑමටද අද දෙමව්පියෝ වළකති. එහෙත් සැබැවින්ම දරුවන්ගේ මනස වර්ධනය වන මතක ශක්තිය වැඩි වන ආහාරපාන කෙරෙහි අද දෙමව්පියන්ගේ ඇල්ම බැල්ම නැතිවී ගොස් ඇති සේයකි.