CNN පුවත් අස්සේ අසභ්‍ය වීඩියෝවක් පෙන්නලා

CNN ලෝක පුවත් සේවය හරහා අසභ්‍ය වීඩියෝවක් විකාශනය වී ඇති බව වාර්තා වෙනවා.

එම අසභ්‍ය වීඩියෝව විනාඩි 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රදර්ශනය වී ඇති බව යි පැවසෙන්නේ.

මෙම ක්‍රියාවට තම ආයතනයේ සබඳතාවක් නොමැති බවත් මෙය කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් සිදු කළ ක්‍රියාවක් බවත් CNN පුවත් සේවය ප්‍රකාශ කොට ඇති අතර අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයින් පමණක් මෙම අත්දැකීමට මුහුණ පා තිබෙනවා.

ඔබේ දරුවාගේ නුවණ වඩන විස්මිත රහස් ආහාර

ඔබේ දරුවාගේ නුවණ වඩන විස්මිත රහස් ආහාර

වර්තමානය වන විට බොහෝ දෙමව්පියන් හුරුව ඇත්තේ විභාග ළංවන විට නොපෙනෙන දෙවියන් යාළු කර ගෙන ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපනයට සහයෝගයක් ලබා ගැනීමටය. එලෙසම විශේෂ විභාග නැකත් සොයා යෑමටද අද දෙමව්පියෝ වළකති. එහෙත් සැබැවින්ම දරුවන්ගේ මනස වර්ධනය වන මතක ශක්තිය වැඩි වන ආහාරපාන කෙරෙහි අද දෙමව්පියන්ගේ ඇල්ම බැල්ම නැතිවී ගොස් ඇති සේයකි. 

දිවයින පුරා ජංගම පොලිස් ස්ථාන 456ක්

මහජනයා පොලීසියට එන තෙක් නොසිට පොලීසිය මහජනයා වෙත ගොස් ඔවුන්ගේ ගැටලු හා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබා දී එම අවශ්‍යතාවන් ඔවුන් පදිංචි ප්‍රදේශය තුළදීම කඩිනමින් ඉටුකිරීමටත් ඔවුන්ගේ නොවිසඳුණු කල් පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීමටත් වසමේ දැනට පවත්වාගෙන යන පොලිස් ස්ථානයට අමතරව ජංගම පොලිස් ස්ථාන 456ක් මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීය.

පොලීසිය හා මහජනතාව අතර ශක්තිමත් බැඳීමක් වර්ධනය කිරීමටත් අපරාධ බියෙන් තොර සාමකාමී පරිසරයක් ඇතිකිරීමටත් මේ ජංගම පොලිස් ස්ථාන පිහිටුවීමේ අරමුණ බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මොන රාජපක්ෂ ගියත් මම යන්නේ නැහැ

රාජපක්‌ෂලා සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හැර ගියත් තමන් කිසි දවසක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතහැර ජී.එල්. පීරිස් මහතා විසින් පිහිටුවාගෙන ඇති පක්ෂයට එකතු වන්නේ නැතැයි මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන සංවිධායිකා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්‌ෂ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා කණපිට පෙරළයි

ඔබාමා රජය විසින් ශ්‍රී ලංකාවට එල්ල කළ යුද අපරාධ චෝදනා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කණපිට හරවන බවට සැක මතුවන බව යුද අපරාධ සම්බන්ධව කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් හේග් නුවරදී ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රියා කරන අවස්‌ථාවේ ට්‍රම්ප්ගේ මතය ඊට වෙනස්‌ යෑයි රැප් වැඩිදුරටත් දක්‌වා තිබේ.