ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා කණපිට පෙරළයි

ඔබාමා රජය විසින් ශ්‍රී ලංකාවට එල්ල කළ යුද අපරාධ චෝදනා නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කණපිට හරවන බවට සැක මතුවන බව යුද අපරාධ සම්බන්ධව කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ හිටපු තානාපති ස්‌ටීවන් රැප් හේග් නුවරදී ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ශ්‍රී ලංකාව සම්බන්ධව ක්‍රියා කරන අවස්‌ථාවේ ට්‍රම්ප්ගේ මතය ඊට වෙනස්‌ යෑයි රැප් වැඩිදුරටත් දක්‌වා තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳව බරක්‌ ඔබාමා දැරූ ස්‌ථාවරයට වෙනස්‌ ස්‌ථාවරයක්‌ ට්‍රම්ප් ගනු ඇති බවට හෙළි වූයේ මුල්වරටය.

මේ අතර යුද අපරාධ චෝදනාව ඇතුළු ජිනීවා යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සෙනෙට්‌ සභාවෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශය පසුගිය 24 වැනිදා ට්‍රම්ප්ට සහ සෙනෙට්‌ සභිකයන් 16 දෙනකුට ලැබීමට සලස්‌වා තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල්වූයේ හිලරි ක්‌ලින්ටන් සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් බව එම සංදේශයේ දක්‌වා ඇත. 

ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනාව ඇතුළත් ජිනීවා යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ ස්‌විට්‌සර්ලන්තයේ ඇමරිකානු තානාපතිනි සුසෑන් ලෙවින් ජනවාරි 20 දා සිට ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට ලක්‌වී ඇත. 

මේ අතර වෙනත් රටවල මානව හිමිකම් ඇමරිකාවට වැඩක්‌ නැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම නිසා ඇමරිකානු ඊළාම් ඩයස්‌පෝරාව සහ බ්‍රිතාන්‍ය ඊළාම් ජාලය සලිත වී ඇත. මේ නිසා ඇමරිකාවේ ඊළාම්වාදීන් ටැමිල්ස්‌ ෙµda ට්‍රම්ප් නමින් අලුත් සංවිධානයක්‌ පිහිටුවා ද්‍රවිඩයන්ට අනුකම්පා කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.