මහජනයා පොලීසියට එන තෙක් නොසිට පොලීසිය මහජනයා වෙත ගොස් ඔවුන්ගේ ගැටලු හා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිසි විසඳුම් ලබා දී එම අවශ්‍යතාවන් ඔවුන් පදිංචි ප්‍රදේශය තුළදීම කඩිනමින් ඉටුකිරීමටත් ඔවුන්ගේ නොවිසඳුණු කල් පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීමටත් වසමේ දැනට පවත්වාගෙන යන පොලිස් ස්ථානයට අමතරව ජංගම පොලිස් ස්ථාන 456ක් මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කීය.
පොලීසිය හා මහජනතාව අතර ශක්තිමත් බැඳීමක් වර්ධනය කිරීමටත් අපරාධ බියෙන් තොර සාමකාමී පරිසරයක් ඇතිකිරීමටත් මේ ජංගම පොලිස් ස්ථාන පිහිටුවීමේ අරමුණ බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




