බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ(23) පැවති තරගයේ දී පන්දුවාර 50 යැවීම සඳහා නියමිත කාලයට වැඩි කාලයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.
නියමිත කාලය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පන්දුවාර දෙකක් යැවීමට ඉතිරිව තිබූ බව වාර්තා වෙයි.




