ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දඩ කයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ(23) පැවති තරගයේ දී පන්දුවාර 50 යැවීම සඳහා නියමිත කාලයට වැඩි කාලයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

නියමිත කාලය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පන්දුවාර දෙකක් යැවීමට ඉතිරිව තිබූ බව වාර්තා වෙයි.

ගැහැනු ළමයින් වෙනුවෙන්ම මත් ටොෆියක්

මත් ටොෆියක්
විශේෂයෙන්ම පාසල් සිසුවියන් ඉලක්ක කොට ගනිමින් මත්වන ටොෆි වර්ගයක් දිවයිනේ වෙළෙඳසල් කිහිපයක අලෙවි වෙමින් පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමය අනාවරණය කරයි.

චීනයෙන් ආනයනය කරන ලදැයි පවසන එම ටොෆි වර්ගය මුඛය සුවඳ කිරීම සඳහා දිව යට තබා ගැනීමට උචිත අයුරින් නිපදවා ඇති නමුත් එමඟින් සිදුවන්නේ මත්වීමේ ස්වභාවයක් බවට තහවුරු වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

දුම්රිය ගාස්තුත් වැඩිවෙයි?

දුම්රිය සේවය පවත්වාගෙන යෑම සඳහා දැරීමට සිදුවන වියදම් අධිකවීම නිසා දුම්රිය ගාස්තු සියයට 10-15ත් අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු යැයි දුම්රිය උපදේශක සභාව
ප්‍රවාහන අමාත්‍යවරයා වෙත නිර්දේශ කර තිබේ.

පසුගිය වසර 5 තුළ බස් ගාස්තු දෙවරක් වැඩි වුවද ඊට සමගාමීව දුම්රිය ගාස්තුවල වැඩිවීමක් සිදුනොවීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව වාර්ෂිකව ඉහළ යන බවද එම නිර්දේශවල සඳහන් වෙයි.

දියණියන් දෙදෙනාට අතවර කළ පියා අත්අඩංගුවට

අතවර කළ පියා
බාල වයස්කාර තම දියණියන් දෙදෙනා අස්වාභාවික ලිංගික ක්‍රියාවලට යොදාගත් බව කියන 36 හැවිරිදි පියකු වාද්දුව පොලිසිය මඟින් වාද්දුව වේරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයක අනියම් කම්කරුවෙකි.

එස්‌ටීඑෆ් හිටපු ප්‍රධානියා රිමාන්ඩ්

Former Commandant of the Police STF remanded till August 6th
රජයේ වාහනයක්‌ අවභාවිත කොට රජයට රුපියල් එක්‌ ලක්‍ෂ 46 දහසක අලාභයක්‌ සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23 දා) නියෝග කළේය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙකු ලෙස 2011 මාර්තු මස විශ්‍රාම ගිය සරත්චන්ද්‍ර මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පත්කර ඇති බවත් එම තනතුර 2015 ජනවාරි මස වර්තමාන රජය පත්වීමෙන් පසුව අහෝසි කර ඇති බවත් විමර්ශන සිදුකළ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.