තෙල් බවුසරයක්‌ පිපිරී 73 ක්‌ මරුට

Mozambique fuel tanker blast kills dozens
මොසැම්බික්‌ රාජ්‍යයේ පැට්‍රල් බවුසරයකින් ඉන්ධන ලබා ගැනීමට පිරිසක්‌ දැරූ උත්සාහයේදී එම බවුසරය පිපිරී 73 ක්‌ මරුමුවට පත්වී ඇත.

මෙහිදී තවත් 100 කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ. පැට්‍රල් බවුසරය පිපිරී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා බව අනාවරණය වී ඇත. එහෙත් බවුසරය තුළ බෝම්බයක්‌ තිබුණේ ද යන්න ගැන පරීක්‍ෂණ පවත්වන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

දුමින්ද සිංගප්පූරුවට රැගෙන නොයන බව සහෝදරිය කියයි

දුමින්ද සිංගප්පූරුවට රැගෙන නොයන බව සහෝදරිය කියයි
මරණ දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයාමට ඔහුගේ පවුලේ උදවිය සැලසුම් කරන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඔහුගේ සහෝදරිය වන දිලිනි සිල්වා සටහනක් එක්කරමින් සඳහන් කරයි.

එසේම බන්ධනාගාර රෝහලේ සිට ඔහුව ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ආවේ ඔහුගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහුට ශ්‍රී ලංකාවේ පළමු සැත්කම කළ වෛද්‍ය මහේෂි මහත්මිය ජයවර්ධනපුර රෝහලේ පමණක් සේවය කරන හෙයින් බවද ඇය සිය සටහනෙන් පැහැදිලි කරයි.

මහින්ද උපන්දිනය සැමරූ හැටි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආගමික වතාවත් සංවිධානය කර ඇති බව යි වාර්තා වන්නේ.

අද අළුයම නාරාහේම්පිට අභයාරාමය කිරි අම්මාවරුන් වෙත දානය පිළිගැන්වීමක් ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කර තිබුණා.

ඇන්ජලින්ගේ ගෙදරට ලතා යයි

තිස්‌ වසරක විරසකය නිමයි ඇන්ජලින්ගේ ගෙදරට ලතා යයි
ඇන්ජලීන් ගුණතිලක.. සිනමා අඹරේ රිදී සීනුව... පසුගියදා දැඩි ලෙස රෝගාතුර වූවාය. ප්‍රතිකාර ලබමින් නිවසේ පසුවන ඇයට තවමත් ගී ගයන්නට තරම් සුවයක්‌ නැත. තම මිත්තණිය ඇගේ සමකාලීන ගායිකා ලතා වල්පොල සමඟ තිබෙන විරසකයට නැවතීමේ තිත තබන්නට ඉමල් ජූඩ් කලක සිට දැඩි වෙහෙසක්‌ ගත්තේය. ඒ උත්සාහය ඔහු සපල කර ගත්තේ පසුගිය 11 වැනිදාය. ඒ ලතාගේ උපන්දිනය දාය. එතැන් සිට සිදුවූ දේ ගැන ප්‍රවීණ ගායිකා ලතා වල්පොල.. ජ්‍යෙෂ්ඨ ශිල්පිණිය හෙළිකළාය.

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට තෑගි

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට තෑගිජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් පරිවාස භාරයට පත්කර ඇති පාසල් සිසුවාට ජනාධිපිවරයා විසින් ඊයේ දිනයේ තිලිණයක් ප‍්‍රධානය කලේය.

ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයට කැඳවා සිසුවාට මෙම තිලිනය ලබා දී ඇති අතර සිසුවා සම්බන්ධයෙන් වූ නීතිමය කටයුතු ඉක්මන් කර අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටට උවමනා පසුබිම ගැනද ජනාධිපතිවරයා විසින් අවධානය යොමු කර ඇත.