ජනතාව ගසා කන උකස් කඩවලට වැට බැඳේ

උකස් කඩවලට වැට බැඳේ
ජනතාව සූරාකමින් රට පුරා හතු පිපෙන්නා සේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන බිහි වීම වැළැක්වීමට මෙවර අයවැයෙන් වැට බැඳ තිබෙන අතර, එක් උකස් ඒකකයක් සඳහා අය කරන වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

ග්‍රාමීය ජනතාව මූල්‍ය අපහසුතාවලදී සිය රන් භාණ්ඩ උකස් ගනුදෙනු මත යැපෙන අතර බොහෝ දුරට පාලනයක් රහිත උකස්කරුවන් විසින් මේ ජනතාව සූරාකෑමට ලක්වන බවට පැමිණිලි ගලා එන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

සේමිණිට පස් වසරකට පසු රඟපාන්න හිතිලා

සේමිණි ඉද්දමල්ගොඩ
සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රවීණ නිළියක්. ඇය ගැන තොරතුරක් පසුගිය දවස්වල අපිට අහන්න දකින්න නොලැබුණු තරම්. ඒ වගේ ම ඇය ටෙලිනාට්‍යයක් ඔස්සේ ද අප නෙතු නොගැ‍ටුණු තරම්. 

මේ හින්දම සේමිණී ගේ අලුත් ම තොරතුරු සොයා බලන්න අපි කටයුතු කළා. එවිට තමයි දැනගන්න ලැබුණේ වසර පහකට පස්සේ අලුත් ම ටෙලිනාට්‍ය රංගනයකින් ඇය ප්‍රේක්ෂකයා හමුවට ඒමට සූදානම් වන බව.

දියවැඩියාව ඇදුම පීනස අක්මා රෝග සුව කරන පිටවක්කා

දියවැඩියාව ඇදුම පීනස අක්මා රෝග සුව කරන පිටවක්කා

අප අවට පරිසරයේ ඇති ගහකොළ ගැන මනා අවබෝධයක් ඇත්තේ කීයෙන් කීදෙනාටද? අපගේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට මේ ‍පොළොවේ වැවෙන කුඩා පැළෑටි පවා කොපමණ ප්‍රයෝජන වේදැයි හැඟෙන්නේ අපගේ මුතුන් මිත්තන් ඒවා භාවිත කර ඇති ආකාරය විමසා බලද්දීය. එම භාවිතාවන් කොපමණ දුරට සාර්ථක වී තිබිණිදැයි යන්න නවීන පර්යේෂණ මගින් හෙළිදරව් වෙමින් තිබේ.

ඉඩම් කොමසාරිස් තනතුරින් ඉවතට

ඉඩම් කොමසාරිස් තනතුරින් ඉවතට
ඉඩම් කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කැර තිබේ. කොමසාරිස්වරයාගේ සිය රාජකාරිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වී ඇති නිසා මෙම තනතුරින් ඉවත් කිරීමට හේතු වී තිබේ. 

සිය රාජකාරියේදී සිදු කරන ලද බරපතළ දූෂණ වංචා කිහිපයක් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා සහ විවිධ රාජකාරී කටයුතු සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන මහජනතාවට සහ මහජන නියෝජිතයන් නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී තිබේ.

මෙයට අමතරව අගමැති කාර්යාලයටත් පැමිණිලි ලැබී තිබෙන බවද වාර්තා වෙයි.

මහේල නිසා පොන්ටින් විසිවෙයි

මහේලගේ නිසා  පොන්ටින් විසිවෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ප්‍රමුඛතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට තිබේ.

ඒ අනුව 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.ඔහුගේ පත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකඩ් ක්‍රිඩක රිකී පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබේ.