බම්බලපිටියේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

බම්බලපිටියේ ජංගම ගණිකා නිවාසයක් වටලයි
වෑන් රථයක් යොදා ගනිමින් පවත්වාගෙන ගිය ජංගම ගණිකා ව්‍යාපාරයක් බම්බලපිටියේ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් වටලා තිබෙනවා.

එමිල්ඩා පටුමග අසලදී වෑන් රථයක සිටියදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 27 සහ 28 වයස් සීමාවල පසුවන කාන්තාවන් තිදෙනෙක්. ඔවුන් මින්නේරිය, කුන්ඩසාලේ සහ උඩවලව ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

අගමැති රනිල්ට රට පුරා මඩ පෝස්ටර්

අගමැති රනිල්ට රට පුරා මඩ පෝස්ටර්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මුහුණ අර්ධයක් යොදා බැඳුම්කර හොරා ඉල්ලා අස්වෙනු යන වැකියද සටහන් කර අද 15 රට පුරා පෝස්ටර් අලවා තිබෙන බව වාර්තාවේ.මෙම පෝස්ටර් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශය මේවනවිට පරීක්ෂණයක් අරඹා ඇති

දැරිය කෙළෙසා මරාදැමූ සාහසිකයාව මරාදැමූ හැටි - වීඩියෝ

Man accused of raping and killing a 4-year-old girl is murdered
සිව් හැවිරිදි දැරියක් දූෂණය කර මරාදැමූ බව කියන පුද්ගලයෙක්ව එල්ලා මරා දැමූ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මෙම සැකකරා පුද්ගලයාව නඩු දිනය දා පොලිසියට කඩාවැදුනු ගම්මුන් විසින් සිරභාරයෙන් මුදාගෙන ප්‍රසිද්ධියේම ගසක එල්ලා මරා දමා ඇති බවයි එහි දැක්වුණේ.


සිව්හැවිරිදි දැරියගේ මළසිරුර මීට සතියකට පමණ ඉහතදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

පුද්ගලික අංශයට සති අන්තයේ දින දෙකම නිවාඩු

ඉදිරියේදී රජයේ සහ පුද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි හෙළි කරනවා.

මේ දක්වා බොහෝ පුද්ගලික සේවා ස්ථානවල සති අන්තයේ නිවාඩු ලබා දීමේදී සෙනසුරාදා වරුවක් වැඩ කළ යුතුය යන කොන්දේසිය රජය මැදිහත්වී වෙනස් කරන්නට නියමිත අතර සේවකයන්ට බලපාන නීතිරීති අනුව සතියේ දිනවල සතියට පැය 45 ක් ශ්‍රමය ලබාගෙන සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දෙකම නිවාඩු ලබාදීමේ ක්‍රමයක් ලෙස එය වෙනස් කරන්නට නියමිතය.

‘සුපර් මූන්‘ නිසා බුකිය කැළඹුණ හැටි (PHOTOS)

‘සුපර් මූන්‘ නිසා බුකිය කැළඹුණ හැටි (PHOTOS)සඳ පෘථිවියට වඩාත් ලංවී පෙනෙන සුපර් මූන් අවස්ථාව දැක බලා ගැනීමට ඊයේ (14) පෘථිවිවාසීන්ට හැකිවුණා.මෙම අවස්ථාව උදාවූයේ වසර 68කට පසුව වන අතර නැවත මෙවැනි සිදුවීමක් දැකබලාගත හැකි වනුයේ 2034 වසරේදීයි.

කෙසේ වෙතත් මෙම සුපර් මූන් අවස්ථාව පිළිබඳ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවිවල සිටින අය විවිධ නිර්මාණ පළකර තිබුණා.මේ ඉන් කිහිපයකි.