පුද්ගලික අංශයට සති අන්තයේ දින දෙකම නිවාඩු

ඉදිරියේදී රජයේ සහ පුද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි හෙළි කරනවා.

මේ දක්වා බොහෝ පුද්ගලික සේවා ස්ථානවල සති අන්තයේ නිවාඩු ලබා දීමේදී සෙනසුරාදා වරුවක් වැඩ කළ යුතුය යන කොන්දේසිය රජය මැදිහත්වී වෙනස් කරන්නට නියමිත අතර සේවකයන්ට බලපාන නීතිරීති අනුව සතියේ දිනවල සතියට පැය 45 ක් ශ්‍රමය ලබාගෙන සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දෙකම නිවාඩු ලබාදීමේ ක්‍රමයක් ලෙස එය වෙනස් කරන්නට නියමිතය.

‘සුපර් මූන්‘ නිසා බුකිය කැළඹුණ හැටි (PHOTOS)

‘සුපර් මූන්‘ නිසා බුකිය කැළඹුණ හැටි (PHOTOS)සඳ පෘථිවියට වඩාත් ලංවී පෙනෙන සුපර් මූන් අවස්ථාව දැක බලා ගැනීමට ඊයේ (14) පෘථිවිවාසීන්ට හැකිවුණා.මෙම අවස්ථාව උදාවූයේ වසර 68කට පසුව වන අතර නැවත මෙවැනි සිදුවීමක් දැකබලාගත හැකි වනුයේ 2034 වසරේදීයි.

කෙසේ වෙතත් මෙම සුපර් මූන් අවස්ථාව පිළිබඳ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවිවල සිටින අය විවිධ නිර්මාණ පළකර තිබුණා.මේ ඉන් කිහිපයකි.

ට්‍රම්ප් වැටුප් එපා කියයි

Donald Trump Says No To A Salary Or Vacations During His Presidency - The Five
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ඩොලර් 400000 ක වාර්ෂික වැටුප් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6) ලබාගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

ඔහුට මෙම වැටුපට අමතරව ඩොලර් 50000 ක මුදලක්‌ දීමනා ලෙස ද හිමි වේ.ට්‍රම්ප්ගේ වත්කම ඩොලර් බිලියන 76 ක්‌ වේ.





ආර්ථික වර්ධනය පහළට

ආර්ථික වර්ධනය පහළට
මේ වසරේ (2016) පළමු මාස හයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.9 ක්‌ දක්‌වා පහත වැටී ඇත.

ගිය වසරේ (2015) පළමු මාස හයේ වාර්තා වූ ආර්ථික වර්ධනය සියයට 5.7 ක්‌ විය.

සියයට 3.9 ක ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත හා සේවා අංශවල පැවැති අඛණ්‌ඩ වර්ධනය හේතු වූ අතර කෘෂිකාර්මික අංශයේ පැවැති පසුබෑම ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වී ඇත. මේ අනුව කෘෂිකාර්මික අංශය ගිය වසරේ (2015) පළමු මාස හයේදී පැවැති සියයට 8.1 ක ආර්ථික වර්ධනයේ සිට මේ වසරේ (2016) පළමු මාස හයේදී සියයට 2.5 කින් පසුබෑමට ලක්‌ විය.

පොලිස් නිල ඇඳුමට වීඩියෝ කැමරාවක්

police uniform camera
සෑම ‍පොලිස් නිලධාරියකුගේම නිල ඇඳුමෙහි හඬ සහ වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රයක් සවි කිරීමේ යෝජනාවක් ඊයේ සහ පෙරේදා (13 හා 14) හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා පැවති වැඩමුළුවේ දී ඉදිරිපත් වී ඇත.

‍පොලිස් නිලධාරින් අතින් සිදුවිය හැකි වංචා සහ දුෂණ චෝදනා එල්ල වීම අවම කරවීමේ අදහසින් එලෙස නිල ඇඳුමෙහි අනිවාර්යයෙන්ම මෙම පටිගත කිරීමේ යන්ත්‍ර සවි කළ යුතු බවට එම යෝජනාව ඉදිරිපත් වී ඇත.