ඉදිරියේදී රජයේ සහ පුද්ගලික අංශයේ කාර්යාල වේලාවන් සම්බන්ධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි හෙළි කරනවා.
මේ දක්වා බොහෝ පුද්ගලික සේවා ස්ථානවල සති අන්තයේ නිවාඩු ලබා දීමේදී සෙනසුරාදා වරුවක් වැඩ කළ යුතුය යන කොන්දේසිය රජය මැදිහත්වී වෙනස් කරන්නට නියමිත අතර සේවකයන්ට බලපාන නීතිරීති අනුව සතියේ දිනවල සතියට පැය 45 ක් ශ්රමය ලබාගෙන සති අන්තයේ සෙනසුරාදා හා ඉරිදා දෙකම නිවාඩු ලබාදීමේ ක්රමයක් ලෙස එය වෙනස් කරන්නට නියමිතය.




