රංගන හේරත් අංක 2 ට පැමිණෙයි

( Rangana Herath )
ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පත්වන්නට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්වී සිටිනවා.

ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පැමිණියේ සිම්බාබ්වේ හි පැවති ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන්.

ආහාරපාන වල මිල රු.10 කින් ඉහළට

ආහාරපාන වල මිල රු.10 කින් ඉහළට
මෙවර අය වැයෙන් ජල ගාස්තුව ඉහළ දැමිමට සාපේක්ෂව සියළුම ආහාර පාන වල මිල ගණන් රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.නොවැම්බර් මස 18 වන දින සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක කරන බව එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

තේ කෝප්පයක මිල රුපියල් 5 කින්ද, කිරි තේ රුපියල් 10 කින්ද ඇතුළුව අනෙකුත් සියළුම ආහාර ද්‍රව්‍ය රුපියල් 5 සිට 10 දක්වා මුදලකින් ඉහළ නංවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්

Jackie Chan Finally Gets An Oscar
පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලැබීය.
අට වැනි වියේදී පළමුවරට චිත්‍රපටයක පෙනී සිටි චෑන් සිනමා නිර්මාණ දෙසීයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ.

ඒ අතර 1995 වසරේදී තිරගත වූ 'Rumble in the Bronx' චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනාගත් චෑන් 'Rush Hour'චිත්‍රපට ත්‍රිත්වය 'The Karate Kid'වැනි හොලිවුඩ් නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය.

මහින්දට කාන්තාවක් කෑ ගසයි (VIDEO)

Former President Mahinda Rajapaksa visited the akurassa algiriya kahawilgoda temple
අකුරැස්ස ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ රන් වැට නිරාවරණය කිරීමේ පිංකමට එක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(14) එම විහාරස්ථානයට පැමිණියේය.

එම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාව ද විශාල පිරිසක්ද එක්ව සිටියහ.

නිරෝෂාගේ ගෙදර හුටපටයක්‌

නිරෝෂාගේ ගෙදර හුටපටයක්‌
සුප්‍රසිද්ධ ගායිකාවක වන නිරෝෂා විරාජිනී මහත්මියට කාලයක්‌ තිස්‌සේ කරදර කළ මානසික රෝගී පුද්ගලයකුට ඇගේ නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනකු පහර දුන්නේ යෑයි 11 දා අලුයම කඳාන පොලිස්‌ ස්‌ථානයට පැමිණිල්ලක්‌ ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක්‌වූ පුද්ගලයා කඳාන පොලිස්‌ ස්‌ථානයේ පැමිණිල්ල ගොනු කර රෝහල් තුණ්‌ඩුවත් සමඟ රාගම රෝහලේ 19 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 12 දා සවස සිට රෝහලින් අතුරුදන්ව ඇතැයි රාගම රෝහල් පොලිසිය කියයි.