රංගන හේරත් අංක 2 ට පැමිණෙයි

( Rangana Herath )
ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පත්වන්නට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්වී සිටිනවා.

ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පැමිණියේ සිම්බාබ්වේ හි පැවති ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන්.

මීට පෙර රංගන හේරත් ජගත් ශ්‍රේණි ගත කිරීම්හි 4 වන ස්ථානයේ පසුවූ අතර ඩේල් ස්ටේන් හා ජේම්ස් ඇන්ඩර්සන් පසුකරමින් ඔහු දෙවන ස්ථානයට පත්වුණේ.ජගත් ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම්හි අංක එක ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ රවී චන්ද්‍රන් අශ්වින්.