ආර්ථික වර්ධනය පහළට

ආර්ථික වර්ධනය පහළට
මේ වසරේ (2016) පළමු මාස හයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.9 ක්‌ දක්‌වා පහත වැටී ඇත.

ගිය වසරේ (2015) පළමු මාස හයේ වාර්තා වූ ආර්ථික වර්ධනය සියයට 5.7 ක්‌ විය.

සියයට 3.9 ක ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත හා සේවා අංශවල පැවැති අඛණ්‌ඩ වර්ධනය හේතු වූ අතර කෘෂිකාර්මික අංශයේ පැවැති පසුබෑම ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වී ඇත. මේ අනුව කෘෂිකාර්මික අංශය ගිය වසරේ (2015) පළමු මාස හයේදී පැවැති සියයට 8.1 ක ආර්ථික වර්ධනයේ සිට මේ වසරේ (2016) පළමු මාස හයේදී සියයට 2.5 කින් පසුබෑමට ලක්‌ විය.

පොලිස් නිල ඇඳුමට වීඩියෝ කැමරාවක්

police uniform camera
සෑම ‍පොලිස් නිලධාරියකුගේම නිල ඇඳුමෙහි හඬ සහ වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රයක් සවි කිරීමේ යෝජනාවක් ඊයේ සහ පෙරේදා (13 හා 14) හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා පැවති වැඩමුළුවේ දී ඉදිරිපත් වී ඇත.

‍පොලිස් නිලධාරින් අතින් සිදුවිය හැකි වංචා සහ දුෂණ චෝදනා එල්ල වීම අවම කරවීමේ අදහසින් එලෙස නිල ඇඳුමෙහි අනිවාර්යයෙන්ම මෙම පටිගත කිරීමේ යන්ත්‍ර සවි කළ යුතු බවට එම යෝජනාව ඉදිරිපත් වී ඇත.

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පහසු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය. සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 155ක පහසු ඉලක්කය පන්දුවාර 24.3 කදී කඩුලු දෙකක් පමණක් වැයකර පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 21කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 41කට දැවී ගියේය.ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය සිල්වා නොදැවී ලකුණු 78 රැස්කිරීමට සමත්වූයේය. ඔහු රෝෂන් දික්වැල්ල හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 84ක සබඳතාවක් ගොඩ නැංවීය. ධනංජයද මෙහිදී රැස්කළේ සිය දෙවැනි එක්දින අර්ධ ශතකයයි. එසේම එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙයි.

බස් වර්ජනය අවලංගු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

ඒ අනුව සැළසුම් කළ බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ සංගම් පවසනවා.

රංගන හේරත් අංක 2 ට පැමිණෙයි

( Rangana Herath )
ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පත්වන්නට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්වී සිටිනවා.

ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයට පැමිණියේ සිම්බාබ්වේ හි පැවති ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන්.