මර්වින් සිල්වා ට්‍රම්ට සුබ පතපු හැටි

ඩොනල් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති මැතිවරණයෙන් පසුගිය දා ජයගත්තා. ඔහු ජයගතු සැණින් ලොව නන්දෙසින් සුබ පැතුම් එක්කර තිබුණා. ඒ අතර ලොව වඩාත් ප්‍රබල රටවල නායකයින්ද සිටිනවා.

ඔන්න කොහොම හරි අපේ රටේ ජනාධිපති ඇතුළු අගමැතිවරයාද ඩොනල් ට්‍රම්ප් මහතාට සුබ පැතුම් එක්කලා. ඒ අතර ලංකාවේ වැඩි දෙනෙකු කතාබහ කළ චරිතයක්ද ඩොනල් ට්‍රම්ප් මහතාට සුබ පතා තිබෙනවා.

ට්‍රම්ප් ජනවාරි 20 දා දිවුරුම් දෙයි

ට්‍රම්ප්
ඇමරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 දා දිවුරුම් දෙනු ඇත. ඇමරිකානු මාධ්‍ය දක්‌වන්නේ ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස නිව්ට්‌ ජින්ජුඩ් පත්වන බවයි.

ජින්ජුට්‌ 2012 වසරේ ජනාධිපති අපේක්‍ෂකයකු ලෙසද ක්‍රියා කළේය. සෙනෙට්‌ මන්ත්‍රී ජෙප් යෙෂන්ස්‌ නව ආරක්‌ෂක ලේකම් ලෙස පත්වීමට නියමිත අතර ඇමරිකාවේ නව නීතිපති ලෙස රායි ගිසුලි සානිගේ නම යෝජනා වී තිබේ.

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර ඇත. 

වසර 25 කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති සරත් ජයමාන්න මහතා මෙම ධුරයට පත් කෙරෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ලෙස සේවය කළේය

ට්‍රම්ප් ඔබාමා හමුවෙයි

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (10දා) දහවල් ධවල මන්දිරයේදී වත්මන් ජනපති බරැක් ඔබාමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

නව ජනාධිපතිවරයා තේරීපත් වීමෙන් පසුව සිදුවන බල හුවමාරුව පිළිබඳව මෙන්ම, විදේශ ප්‍රතිපත්ති ඇතුළු තවත් බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් පැයකට අධික කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් වාර්තා පවසයි.

අන්තර්ජාල ගාස්තුව 25%කින් වැඩි කෙරේ

2017 වසර සදහා අද දිනයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියෙන් අන්තර්ජාල සේවා සඳහා විදුලි සංදේශ සේවා ගාස්තුව 25%කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.

මුදල් ඇමතිවරයා විසින් මෙම යොජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමි කිරීම සදහා මෙම යෝජනාව කල බවයි.