පරාජය ලැබූ හිලරිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ලෝකයේම අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණයේ දී අනපේක්ෂිත පරාජයක් ලැබූ හිලරි ක්ලින්ටන් ඊයේ (09) රාත‍්‍රියේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකළා.

ඇය පැවසුවේ මෙම ප‍්‍රතිඵලය පිලිගනිමින් අමෙරිකාවට නායකත්වය ලබාදීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දැන් අවස්ථාව ලබාදිය යුතු බවයි.

මාලිංග කොන්ත්‍රාත්තුව එපා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකරනු ලබන ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගත කිරීමේදී ලසිත් මාලිංගට හිමි කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ. පාදයේ ඇතිවී තිබෙන ආබාධය හේතුවෙන් අවසන් මාස 11 ක කාලය තුළදී මාලිංගට ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව අහිමිවුණු අතර ඒ පිළිබඳව සලකා බලමින් එම කොන්ත්‍රාත්තුව ප්‍රතික්‍ෂේප කළ බව මාලිංග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ගුණදාස කපුගේ මෑණියන් සමුගනී

ඇල්පිටිය මිරිස්වත්ත පදිංචිව සිටි සිරිබද්දනගේ ඇලිස් නෝනා මාතාව අවුරුදු 94 ක් ආයුෂ වළඳා අද (09) උදෑසන අභාවප්‍රාප්ත වුවාය.ඇය අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ගුණදාස කපුගේගේ ආදරණීය මෑණියන්ය.

ඇය දියණියන් දෙදෙනකුගේ හා පුතුන් හතර දෙනෙකුගේ ආදරණීය මෑණින්යන්වේ.

කපුගේ මාතාවගේ ආදාහන කටයුතු නොවැම්බර් 12 වන සෙනසුරාදා සවස 4.00 ට ඇල්පිටිය තණබද්දේගම මිරිස්වත්ත කපුගේ මාවතේ පිහිටි සිංහ ක්‍රීඩා පිටියේදී සිදුකිරීමට නියමිතය.

මහින්ද ට්‍රම්ප්ට සුභ පැතූ හැටි

 මහින්ද
ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පතා තිබෙනවා.

ඔහු මෙම සුභ පැතුම් පණිවුඩය නිකුත් කර තිබුණේ සිය ෆේස්බුක් පිටුව හරහායි.තමා ඩොනල්ඩ් ට්‍රම්ප්හට සුභ පතන බවත් වඩාත් වැදගත්ම දේ තමාගේ රටට ආදරය කිරීම බව මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වන බවත් ඔහු මෙහිදි සඳහන් කර තිබුණා.

බෙදුනා ඇති එක් වී වැඩ කරමු - ට්‍රම්ප්

බෙදුනා ඇති එක් වී වැඩ කරමු
ඇමෙරිකාව බෙදුණ කාලය අවශයන් බවත් සෑම දෙනාටම එකට එකතු වී වැඩ කිරිමට කාලය පැමිණ ඇති බව ලෝකයේ නව බලවතා වශයෙන් පත්වූ ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන පසුව සිය පළමු කතාව කරමින් ට්‍රම්ප් මේ බව පැවැසීය. ඇමෙරිකාව ලස්සන රටක් බවට පත්කිරිමට එක්වෙන ලෙස ඔහු ආරාධනා කළේය.